free counter statistics

LondonZ

එංගලන්තයට ගීත මිහිර කැන්දන, ලාංකීය සප්ත ස්වර හසුරවන්නා... සුනෙත් චමින්ද

මෙහෙයවීම : බන්දුල මානගේ, සටහන : ඔවදිනී තෙන්නකෝන් සහ ආදිත්‍ය මිල්ලන්ගොඩ

සේසත අප විසින් ඔබට ගෙන එන 'Coffee Chat' විශේෂාංගය මේ වන විට වෙබ් පරිශීලක, වෙබ් පාඨක ඔබට අලුත් දෙයක් නම් නොවේ. මෙහි මීළඟ ලිපිය මෙලෙස ඔබ වෙත ගෙන ඒමට තවත් සොදුරු ලාංකීය සහෘදයෙක්, අප Zoom තාක්ෂණය ඔස්සේ මුණ ගැසුණෙමු.

වෙන්නප්පුව, මාරවිල, මාදම්පෙ, හලාවත වැනි සුන්දර නගර වලට මැදි වී පිහිටා ඇති මහවැව නම් ග්‍රාමයේ උපත ලබන මොහු නමින් සුනෙත් චමින්ද කාරියප්පෙරුම. මෙලෙස අපි ඔහුගේ ජීවන තතු සමඟ සමීප වුනෙමු.

Q: ඔබ Suneth Chaminda දකින්නේ කොහොමද? (කෙටි පිළිතුරක්)

A: මම සාමාන්‍ය මනුස්සයෙක්. පොළොවෙ පය ගහලා ඉන්න මිනිහෙක්. ඊට අමතරව සංගීතය ලංකාවෙදි තරමක් දුරට කරලා, දැන් ඉතින් මෙහෙ ඇවිල්ලා, ඒකෙන් කරන්න පුළුවන් දෙයක් කරලා පිළිවෙළට ජීවත් වෙන්න තමා උත්සහ කරන්නෙ.

Q: ඔබේ පාසල් කලය සහ පවුලේ විස්තර කිව්වොත්?

A: පවුලෙ විස්තර බැලුවොත් මම තමා පවුලෙ වැඩිමලා. මට නංගිලා තුන් දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි අපි හතර දෙනයි. ඕක තමා පවුල. පාසල් කාලෙ සුන්දරයි. සංගීතයට යොමු වෙනවත් එක්කම පාසල් ගමන අත්හිටෙව්වා ගෙදරින් කොච්චර බලපෑම් ආවත්. මොකද පවුලෙන්ම ආපු දෙයක් සංගීතය. මගෙ තාත්තා බැංකුවක වැඩ කළත් එයා සංගීතය ඉගෙනගත්තු කෙනෙක්. Instruments play කරන්න පුළුවන්. Keyboard, Guitar, Violin වගේ ඒවා. ගෙදරත් Instruments තිබුනා. අම්මත් සිංදු කියනවා. ආච්චි සීයාගෙ ඉඳන්ම ඒක තිබුණා එයාලා ටවර් හෝල් Singers ලා.

Q: අපට ආරංචි ඔබ ලංකාවේ music bands වලට ගොඩක් සම්බන්ද වුන කෙනෙක් කියලා. ඒ ගැන මතක් කලොත්?

A: ඔව්. පොඩිකාලෙ ඉතින් ඔය ගමේ වාදක මණඩල තියනවනෙ ඕවට තමා. අවුරුද්දකට ඉතින් 1ක් වගේ තමා Show එන්නෙ. පල්ලියෙ මංගල්‍ලෙ තියෙනකොට එහෙම. මම පොඩී ඉතින් අවුරුදු 13/14 වගේ. මට වඩා වැඩ්මල් අය එක්ක තමා ඔය වැඩ කරන්නෙ. අවුරුදු 16/17 වගේ වෙනකොට ගමෙන් එලියෙ වැඩ වලට ගියා.

ඔහොම ගිහින් අවුරුදු 21 වෙනකොට මම සම්බන්ද වෙනවා “සහරා” කියන Band එකට. අවුරුදු 10ක් වගේ Band එක්ක හිටියා. “Sunshine” Band එකත් එක්කත් මාස කීපයක් වැඩ කළා. Keyboard එක තමා මූලිකවම play කළේ. 2003 වෙනකන් ඔහොම ඉන්නවා.

Q: ඒ කාලෙ “සහරා” Band එක සමග ගතකල කාලය මතක් කලොත්

A: ඒ කාලෙ ඔයාට කියන්න, සමහර මාස වල හැමදාම shows තිබ්බා අපිට. ලංකාවෙ weekends වලම නෙවෙයිනෙ, සතියෙ දවස් වලත් shows තියෙනවනෙ. weekends වල එහෙම ලොකු shows තියෙනවා. දැන් shows එකක් පැයයි එක හමාරයිනෙ. ඉස්සර සමහර දාට උදේ 7 විතර වෙනකන් තියෙනවා. ඒ කියන්නෙ ළමයි ඉස්කෝලෙ යනවා අපි සමහර show ඉවර කරනකොට. මට පෞද්ගලික අත්දැකීම් තියෙනවා එහෙම. ඒක වෙනස් වුනානෙ. ඒ ක්‍රමේ රසිකය්න්ට වගේම කලාකාරයන්ටත් හොඳයි. එහෙම තිබ්බනම් අපි අදටත් වැඩ කරගෙන ඉන්නවා ලංකාවෙ. මට මතකයි තව සමහර show තිබ්බා artist ලා 50 විතර සිංදු කියන්න ආපු. ඒ ඕක්කොම අයත් එක්ක අපේ හොඳ සම්බන්ධතාවයක් තිබ්බා. එයාලගෙ අලුත් සිංදුවක් ආවා කිව්වම පහුවෙනිදා වෙනකොට ඒකට play කරන්න set වෙන්න තරම් අපි හොඳට වැඩේ සහයෝගෙන් උනන්දුවෙන් කරගෙන ගියා.

Q: එංගලන්තයේ ඔබේ කලා කටයුතු ගැන කතා කලොත්?

A: 2004 තමා මම මෙහෙ එන්නෙ (එංගලන්තයට). මෙහෙ ආවට පස්සෙ මෙහෙ කවුරුත් මම දන් නෑ. ක්‍රිස්ටෝපර් ලියනගේ සන්ෆ්ලවර් එකේ හිටපු, අන්න එයා මෙහෙ හිටියෙ. එයයි සංජය කියලා එක්කෙනෙකුයි හිටියා අපි තුන් දෙනා එකට වැඩ කළේ බොහෝ විට. ඒත් එක්කම මෙහෙ තිබුණු band එකකට සම්බන්ධ වුණා “සීගිරි” කියලා. එතනින් පස්සෙ “Skyhigh” band එකට join වුණා. එතනිනුත් අයින් වෙලා දැන් “Frontline” කියලා band එකක් එක්ක වැඩ කරනවා. .

Q: අද ඔබ කැමති ඔබව මොන විදිහට හඳුන්වනවාටද? ගායකයෙක්, වාදකයෙක් හෝ සංගීත් අධ්‍යක්ෂ කෙනෙක්...?

A: ඇත්තම කිව්වොත් බන්දුල, මම සිංදු කියන්න හරි හොරයි. (සිනාසෙමින්) අවශ්‍ය වෙලාවට කියනවා. කොහෙ හරි තනියම play කරනකොට කියන්නම එපැයි. නැත්තං ඉතින් වාදනය කරන්න තමයි කැමති. තව ඉතින් රෙකෝඩින් පැත්තෙන් මොනා හරි වැඩ කරන්නත් කැමතී.

Q: වාදනය කරන ගමන් ගායනය කිරීම ගොඩක් අමාරු කටයුත්තක්. කොහොමද ඔබ එයට පිවිසුනේ?

A: ඔව්. ඒකත් ඉතින් එක්තරා gift ඒකක් තමයි නේ... බොහෝ විට මම සිංදුවක් තෝරගත්තම ඒක කියන්නෙ මගේ හඬින් ම තමා. හැබැයි සිංදුව කියද්දි ඒකට හානි නොවෙන්න මගේ දේවල් ටිකක් එකතු කරගෙන තමයි මම කියන්නෙ.

Q: වැඩිපුර ගායනා කරන්න කැමති කාගෙ සිංදු ද? එහෙම කවුරුත් ඉන්නව ද?

A: එහෙම විශේෂයක් නැහැ. හැබැයි මම ආස ගායකයො ඉන්නවා. ඒ අයගෙ ඒවා මම කියනවා. මර්වින් පෙරේරා, අමල් පෙරේරා, නදීමාල් පෙරේරා වගේ අයට මම ආසයි කොහොමත්. වික්ටර් රත්නායක, රූකාන්ත, දිවුල්ගනේ වගේ මම ආස කට්ටියක් ඉන්නවා ඉතින්. ඒ වගේම මට මොකක් හරි සිංදුවකට ආස හිතුනොත් ඒකෙ lyrics download කරගෙන හරි කියනවා කෝම හරි.

Q: කොහොමද “ශ්‍රී UK Studio” එකේ කටයුතු? මොන වගේ සේවයක්ද ඔබ ඒ තුළින් ලබා දෙන්නේ?

A: මේක ඇත්තටම පටන් ගත්තෙ මගෙ ගෙදරම පොඩි කැල්ලක් වෙන් කරලා මගෙ පෞද්ගලික recoding වැඩ වලට. පස්සෙ මට හිතුනා FB Live යන්න පුලුවන් කියලා මෙතන බඩු ටික, lightning setup එක එහෙම හදාගෙන. ඒකරලා මම යන්න හදපු පලවෙනි Live එක යන්න බැරි උනා තක්ෂණික දෝෂයක් ඇවිත්. ප්‍රේක්ෂකයින්ගෙන් සමාව පවා ගත්තා මම. පස්සෙ ඒක හදාගෙන මම වැඩ කරගෙන ගියා. දැන් ඔක්කොම හරි. මේ දවස් වල කට්ටියව ගෙදරට ගෙන්නන්න බෑනෙ. මේවා (Covid-19 තත්ත්වය) ඉවර උනාට පස්සෙ ඕන කෙනෙක්ට පුලුවන් studioඑකට ඇවිල්ලා මේක Hire කරලා FB Live යන්න, තමන්ගෙ වැඩක් කරගන්න. මෙතනට ඕන instrument එකක් ගෙනලලා වැඩේ කරන්න පුලුවන්. Drum kit එකක් දාන්න නම් ඉඩ මදි. අනිත් ඕනි එකක් ගෙනත් කරගන්න පුලුවන් මට පුලුවන් ශබ්ද පරිපාලනය කරලා දීලා හොඳ නිර්මාණයක් එලියට දෙන්න උදව් කරන්න.

Q: අපි YouTube එකේ දකිනව ලංකාවේ අලුත් music videos නිතරම. ඒත් UK වල අලුත් සිංහල නිර්මාණ බොහොම අඩුයි. ඔබ කොහොමද ඒ ගැන දකින්නේ?

A: මෙහෙමයි. UK වලත් මම දැක්කා ඒ වගේ music videos කීපයක්ම පහුගිය අවුරුදු 2 වගේ ඇතුළත. මෙහෙ අලුත් නිර්මාණ කරන අයට සීමා ටිකක් තියනවා. Pandemic එක ලොකු බලපෑමක් උනා. ඒ වගේම මෙහෙ music video එකක් කරන්න යනකොට තියන වියදම් වැඩී ඉතින්. කවුරුහරි කැමතිනම් ලස්සන video එකක් කරගන්න මට පුලුවන් ඒකට උදව් කරන්න. කාලයක් මම සංගීතෙ උගන්නන වැඩත් කලා , පස්සෙ වැඩත් එක්ක ඒක කරගෙන යන එක අමාරු නිසා නැවැත්තුවා. මොකද ඒක කරනවනම් හරියට කරන්න ඕන උගන්නන දේ හරියට දෙන්න ඕන. අපෙ වැඩත් එක්ක ඒක හරියටම කරන්න අමාරුයි.

Q: එතකොට මේ Covid තත්ත්වය නිසා සංගීත ක්ෂේත්‍රය අඩපණ උනා නේද?

A: Covid නිසා සංගීත ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි හැම හැමෝටම බලපෑවනෙ. ඊට කලින් තත්ත්වෙ බැලුවොත් මෙහෙ ඉන්න ලංකාවෙ පිරිස අඩුයිනෙ. ඔය පිරිස අතර තමා අපි කරන දේවල් යන්නෙ. එතකොට එක එක අයට කැමති කැමති පිරිස් ඉන්නවා. අනිත් එක ඉතින් පොඩ්ඩක් මම ඉතින් ඉස්සර ඉඳන්ම මේක professionally කරගෙන ආපු එකනෙ. ඒ නිසා ඉතින් කවුරු හරි මගෙන් වැඩක් කරගන්න අවොත් මම ඒකට ගානක් අය කරනවා. Charity වැඩක් වගේ ආවොත් හොයලා බලලා පුලුවන් විදිහට නොමිලේ කරලා දෙනවා.

Q: ඔබේ මුල් කාලයට සාපේක්ෂව කණ්ඩායම් සංගීතයේ දැන් මොන වගේ වෙනසක් ද ඔබ දකින්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් use of technology වගේ,

A: Technology ගත්තොත් ඒකාලෙ තිබ්බ විදිහයි දැන් තියන විදිහයි බැලුවොත් ඉතා විශාල පරතරයක් තියනවා. දැන් ගොඩක් උඩින් තියෙන්නෙ. Keyboards බැලුවොත් මම ඒ වෙනකොට තිබ්බ හොඳම මට්ටමේ ඒව භාවිතා කළා පුලුවන් මට්ටමෙන්. Sound පැත්ත බැලුවත් එහෙම්මයි. ඉස්සර වගේ ගොඩක් කොටස් නෑ, එක digital mixer එකක් ඇතුලෙ ඔය ඔක්කොම තියනවා දැන්. දැන් දැන් ඒ පැත්තට යොමු වෙන අය ඒක හදාරන්න යොමු වෙනවා. ඉස්සර ඒක තිබුනෙ නෑ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් වලවත්. පස්සෙ කට්ටිය පිටරට ඇවිත් ඉගෙනගෙන ගිහින් ලංකාවෙ අධ්‍යාපන ආයතන දාලා එහෙටත් මේවා උගන්නනවා. ගොඩක් හොඳ දෙයක් ඒක.

Q: භාවිතා කරන instrument ගත්තොත් පෙරට වඩා වෙනස් ස්වභාවයක් ගන්නවද?

A: ඇත්තටම ගොඩක් වෙනස්. Keyboard එකක් බැලුවොත් මිල අධිකයි මොකද වර්තමානයේ පවතින ඒවා sample music අරගෙන ඒවා program කරලා තමයි තියෙන්නේ. මිල අධික නිසාවෙන් ඒවා ලබාගන්නවා නම් ඒවායින් ඉපයීම සිදු කරන වෙනවා. එහෙම නැතුව නම් අවශ්‍ය software භාවිතා කරලා control එකක් මගින් කටයුතු කරන්න වෙනවා. ගොඩක් වෙලාවට Keyboards තුනක් පමණ තමයි පාවිච්චි කරන්නෙ. බොහොම කලාතුරකින් තමයි හතරක් පාවිච්චි කරන්නෙ. මට අවශ්‍ය කරන නිර්මාණය පවතින tone ම භාවිතා කරන්නේ හරිම අඩුවෙන්. දැන් Keyboards තුල එහෙම වෙනස් කිරීමේ හැකියාව පවතිනවා.

. ඇත්තටම මා සතුව ගොඩක්ම පවතින්නේ හොඳම software ලබා ගෙන ඒ කටයුතු කරගන්නවා. විශේෂයෙන් ඉස්සර තිබුණ දේවල්ම තමයි වැඩිදියුණු වෙලාවෙද තියෙන්නෙ controller keyboard වෙනස් වෙලා ඇවිල්ල තියෙනව Yamaha keyboard වගේ නවීන තාක්ෂණය වැඩිදියුණු වෙලා තියෙනවා. ලංකාවේ අඩුයිනෙ analog භාවිතා වෙනවා මේ වගේ රටවල තමයි ගොඩක් වෙලාවට analog units පාවිච්චි කරන්නේ live event වලදී පවා පාවිච්චි කරනවා .analog sound වල වෙනසක් පවතිනවා. controllers වෙනස් වෙලා තියෙනවා මොකද ඒවා analog units එක්ක භාවිතා කරන්න පුළුවන් තරමට දියුණු වෙලා කියන.

Q: ඔබේ මේ සංගීත දිවියට ලැබෙන අතහිත දුන් අය කෙටියෙන් මතක් කලොත්? කොහොමද ඔබේ බිරිඳගෙන් ලැබෙන සහයෝගය?

A: බිරිඳගෙන් සහ පවුලකින් පැත්තෙන් හැමදේටම ලොකු සහයෝගයක් ලැබෙනවා.. ඒ කටයුතුත් සමබරව පවත්වාගෙන යනවා ඉතින්.

අතහිත දුන් අය කිව්වම ගොඩක් වෙලාවට තනියම තමයි මේ දේවල් ඉගෙන ගත්තේ notation පවා තනියම ඉගෙන ගත්තෙ. කාලයත් සමග අත්දැකීම් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බෑන්ඩ් එකේ ඉන්න කාලේ, බෑන්ඩ් එකේ හිමිකරු අර්නි පීරිස් මහත්මයා ගොඩක් දැනුම තියෙන පුද්ගලයෙක්. ඔහුගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Programming එහෙම ඒ කාලෙදි මං ඉගෙන ගත්තා. මම දෙයක් ඉගෙන ගත්තනම් ඉගෙන ගත්ත එකම පුද්ගලයා තමයි ඔහූ.

Q: අපි ගොඩක් දකිනව ඔබ කාලය ශ්‍රමට වැය කරනව ආධුනිකයන් වෙනුවෙන්. මොනවද හිතෙන්නෙ ඔවුන් එදි‍රියට එනවා දැක්කම?

A: ඇත්තටම මම ඒ දේ කරන්න හරිම කැමැත්තෙන්, මොකද කෙනෙක් අහන්නේ නොදන්න දෙයක් නේ. ඒ කෙනාට ඒක කියල දුන්නම මටත් සතුටුයි. ඒ කෙනාටත් දෙයක් ලැබෙනවා. අපි දන්න දේ කියල දුන්න කියලා ගැටළුවක් වෙන්නේ නැහැනෙ. මේක මගේ දෙයක් නෙමෙයි මගෙන් නැතත් වෙන කෙනෙක්ගෙන් හරි අහගන්නවනෙ. මං මගේ විදිහට කියලා දෙනවා ටිකක් ගණන් වැඩි වුනත් හොඳ දෙයක් කරන්නේ කොහොමද කියලා. කිසිම මූල්‍ය ප්‍රතිලාභයක් නොමැතිව මේ දේවල් කරන්නේ. සමහර වෙලාවට දින දෙක තුනක කාලයක් පමණ වැය කරලා, නිදි මරාගෙන වැඩ කරලා දීලා තියෙනවා. ඒවා මතක් කරනවා අදටත්.

Q: අවසාන වශයෙන් තව වසර 5කට පසු මොන වගේ තැනකට ලඟා වෙන්න ඔබ බලාපොරොත්තු වෙනවද?

A: මේ "ශ්‍රී UK" කියන එක දිගටම කරගෙන යන්න හිතාගෙන ඉන්නවා. මේ ඉන්න ස්ථානය ස්ථාන මාරුවක් ගන්න හිතාගෙන ඉන්නවා. ඉඩකඩ ගැටළුවක් පවතින නිසා. band එකේ වැඩත් කරගෙන අනිත් අයටත් උපකාර කරගෙන සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.

Q: ඔබේ band එක ගැන මතක් කලොත්?

A: මගේ band එක ගත්තොත් Frontline කියන බෑන්ඩ් එක. Orchestra එක තවත් කණ්ඩායමක් ඉන්නවා band එකේ පස් දෙනෙක් ඉන්නවා චමීර තමයි කලමණාකාරන කටයුතු සිදුකරන්නේ, හා වාදකයෝ පස් දෙනෙක් සහ ගායකයෙක්ගේ යුක්තව අපි දැන් කටයුතු කරගෙන යනවා. ඉදිරියට outdoor show බොහොමයක් සංවිධානය වෙයි කියලා වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඉදිරියේදී තිබෙන වැඩකටයුතු වලට කොහොමද කෙනෙකුට ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් ?

මගේ Mobile & WhatsApp නොම්මරය 075 3532 2715 මාව ලේසියෙන්ම සම්බන්ධ කර ගන්න පුළුවන්

එක්සත් රාජධානිය තුළ තවත් මෙවන් සුවිශේෂී ශ්‍රී ලාංකිකයෙක් සමග සුහද පිළිසඳරකින් හමුවනතුරු coffee chat විශේෂාංගය මෙලෙසින් නිමාව සටහන් කරන්නෙමු.

person

person

person

Sesatha Coffee Chat - Segment 2

එක්සත් රාජධානියේ ලාංකීය නම තැබූ, ඉංජිනේරු ලේඛකයා... චන්දන ගුණසේකර

Lassana.com

Sesatha Coffee Chat - Segment 1

මංජුල ප්‍රසාද් ප්‍රනාන්දු

Lassana.com