free counter statistics

BOC UK


බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකාවට මුවදොර Bank of Ceylon (UK) Ltd හසුරුවන, වත්මන් නියමුවානන්... නිලන්ත මෙනේරපිටියගේ මහතා

මෙහෙයවීම : බන්දුල මානගේ, සටහන : ඔවදිනී තෙන්නකෝන් සහ ආදිත්‍ය මිල්ලන්ගොඩ

“Coffee Chat” විශේෂාංගයේ සයවන දොඩමළුවෙන් කෙටි කලකට පසු ඔබ කුතුහලයෙන් බලා සිටි මෙහි මීළඟ හමුව පාඨක ඔබ වෙතට ගෙන ඒමට අප සිතුවෙමු. ඔබ අප කාටත් වැදගත් වෘත්තියක නියැලෙන මෙතුමා සිය කාර්යබහුල ජීවන රටාව තුළ අපිත් සමඟ සුහද සාකච්ඡාවකට කාලය වෙන් කිරීම පිළිබඳ මුලින්ම ස්තූතිවන්ත වෙමු.

වත්තල, හැඳල, නයක්කන්ද ග්‍රාමයෙහි උපත ලබන මෙතුමා, පසුව සිය මවගේ ගම වූ පමුණුගම ග්‍රාමයෙහි හැදී වැඩී ඇත. මෙතුමා නමින් “නිලන්ත මෙනේරපිටියගේ.” නැතහොත්, එංගලන්තයේ ලංකා බැංකු ප්‍රධාන විධායක නිළධාරි තුමන්‍ ය (Chief Executive Officer/Executive Director - Bank of Ceylon (UK) Ltd ). හෙතෙම,උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වී එහිදී විද්‍යාවේදී කළමණාකරන (විශේෂ) උපාධියද, කළමණාකරනය සම්බන්ධ පශ්චාත් උපාධියද ලබා ඇත. එමෙන්ම ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමයේ බැංකුකරණය පිළිබඳ ඩිප්ලෝමාදාරියෙකු වන අතර 1992 අගෝස්තු 01 වන දින පහළ කණිෂ්ඨ නිළධාරියෙකු ලෙස ලංකා බැංකුවේ සේවයට එක්වූ ඔහුගේ හඬ අවදි වූයේ මෙසේය.

Q: මෙම කාර්යබහුල දිනවල ඔබගේ වටිනා කාලය ලබා දීම ගැන පළමුව අපි ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා . ඔබතුමා බැංකු ක්ෂේත්‍රයට යොමු වුනේ කොහොමද?

මම විශ්ව විද්‍යාලයේදී හැදැරුවෙ කළමණාකරනයනෙ ඒ නිසා බැංකු පැත්තට එන්න ආසාවකුත් තිබුණා සහ ඒ කාලෙ වෙනකොට බැංකුවක වැඩ කරනවා කියන්නෙ හොඳ පිළිගැනීමක් තිබුණු රස්සාවක් නිසාත් ආසාවක් තිබුණා. ඒ වගේම මධ්‍ය මහා විද්‍යාලයක ඉගෙනගෙන, බ්‍රිතාන්‍ය වැනි ලෝකයේ ශක්තිමත් මූල්‍ය වෙළෙඳපොලක් තියන රටක මූල්‍ය ආයතනයක ප්‍රධාන විධායක නිළධාරි ලෙස වැඩ කරන්න ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා.

Q: BOC කියන්නෙ ලංකාවෙ ප්‍රධානතම බැංකුවක්. 1992 කාලෙ සහ මේ වෙනකොට එහි විකාශනය මොන වගේද ඔබ දකින්නේ?

මම බැංකුවට බැඳෙන කාලෙ වෙනකොට තිබුන ශාඛා පද්ධතියෙන් 12ක් පමණයි පරිගණක ජාලගත කරලා තිබුනෙ. මම මුලින්ම බැංකුවෙ සම්බන්ධ වුනේ පරිගණක අංශයට. අද වෙනකොට ලංකා බැංකුව පරිගණකගත කිරීමේ අංශයෙන් ඉතා ඉහළ ඉදිරි පියවරක් අරන් තියනවා. ලංකාවෙ සියළුම බැංකු ශාඛා, සීෂෙල්ස්, චෙන්නායි, මාලදිවයින් ශාඛාවන් පවා BOC ප්‍රධාන ශාඛාවට සම්බන්ධ වෙලා තියෙන්නෙ පරිගණකගතව.

අපි මෙහෙ ඒ කියන්නෙ ලංකා බැංකු ලන්ඩන් ආයතනයේත් තියෙන්නෙ අපෙ මව් බැංකුවෙ තියෙන පරිගණක පද්ධතියම තමා. තව දෙයක් ඒ කාලෙ හිටපු සේවකයොන්ටත් ලොකු පරිගණක සාක්ෂරතාවක් තිබුනෙ නෑ. තරුණ සේවකයො විදිහට අපෙ වගකීම වුනේ එයාලට පරිගණක කටයුතු වලට උදව් කරන එක. තව ලංකා බැංකුව මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර හඳුන්වා දුන්නා. එංගලන්තෙවත් මම තැන්පත් කිරීමේ යන්ත්‍ර දැකලා නෑ. ඒ වගේමයි ල්ංකාවට විද්‍යුත් කාඩ්පත් හඳුන්වලා දුන්නෙත් ලංකා බැංකුව 1989දි වගේ.

ඔය විදිහට ලංකා බැංකුවෙ විවිධ අංශ වල මට කටයුතු කරන්න ලැබුණා. ඉන් අනතුරුව ලංකා බැංකු මාලදිවයින් ශාඛාවෙ අවුරුදු 4ක් වගේම විවිධ බැංකු අංශ ප්‍රධානියෙක් විදිහටත් කටයුතු කරලා අනතුරුව තමයි පත්වීම ලබලා ලංකා බැංකු ලන්ඩන් ආයතනයට එන්නෙ. දැනට අවුරුදු 2½ ක කාලයක් වැඩ කරනවා

Q: එතකොට BOC UK ගැන පොඩ්ඩක් කිව්වොත්? ඒකට ලොකු ඉතිහාසයක් තියෙනවා නේද?

ඔව්. ලොකුම අතීතයක් තියෙනවා. ලංකා බැංකුවේ ශාඛාවක් විදිහට 1949 තමයි මේක ආරම්භ කරලා තියෙන්නෙ. මේ වසරෙ අපි සමරන්නෙ 72 වන සංවත්සරය. ඒ කාලෙ කියන්නෙ ලංකාව නිදහස ලබලා ඉතා කෙටි කාලයක්, ඒ වෙනකොට තිබ්බ තේ අපනයන කටයුඉතු පහසු කරග්න්න තමා මේ ශාඛාව ආරම්භ කරලා තියෙන්නෙ.

Q: එතකොට, අපි ඉස්සර සාමාන්‍යයෙන් කියන්නෙ ලංකා බැංකු ශාඛාව කියලා. නමුත් දැන් BOC UK Limited කියලා වෙනස් වුණා නේද? ඒ ගැන පොඩ්ඩක් කිව්වොත්.

ඔව්. ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕන. 1949 ආරම්භ වෙලා 2010 වෙනකන්ම ශාඛාවක් විදිහට තමා තිබුණෙ. 2010 දි මේක ලංකා බැංකුවෙ 100% ආයෝජනය සහිත පරිපාලිත සමාගමක් (100% Subsidiary of Bank of Ceylon, Sri Lanka)බවට පත් කරනවා. ඒකෙන් මේ බැංකුව, එංගලන්තයේ නීති රෙගුලාසි අනුව මෙරට මූල්‍ය නියාමන ආයතන යටතේ පාලනය වන ලංකා බැංකු මව් බැංකුවට අනුබද්ධ, මව් බැංකුවෙන් ස්වාධීන බංකුවක් ලෙස ක්‍රියත්මක වීමට පටන් ගත්තා.

Q: ශ්‍රී ලංකා ප්‍රජාවට ලොකු සේවයක් ලබා දෙන්න පුලුවන් දැන් නේද?

ඔව්. ප්‍රධානම ඉලක්කගත කණ්ඩායම ශ්‍රී ලංකා ප්‍රජාව. මොකද අපේ ආදර්ශ පාඨය විදිහට තියෙන්නෙත් “Gateway to Sri Lanka” කියලා. ඒ වගේම මෙරට ලියාප්දිංචි ආයතනයක් විදිහට අපි බැඳී ඉන්නවා මෙරට පුරවැසියන්ටත් සේවාව ලබා දෙන්න. මෙරට ප්‍රජාවටත් පුලුවන් සේවාව ලබා ගන්න සහ දැනටත් ලබා ගනිමින් තිබෙනවා. නමුත් අපේ ප්‍රධන උපායමාර්ග යොමු වෙලා තියෙන්නෙ ලාංකීය සම්බන්ධතා ඇති පුරවැසියන් වෙත.

Q: වැඩියෙන්ම ඉල්ලුමක් තියෙන්නෙ, ලබාගන්නෙ මොන සේවාවද?

A: ඇත්තටම අපි ප්‍රසිද්ධ Trade Finance බැංකුවක් විදිහට. ඒ කියන්නෙ ලංකාව හා බ්‍රිතාන්‍ය අතර සිදිවන ගනුදෙනු වලදි අපි පහසුකම් සලසනවා. විශේෂයෙන් මෙරටින් (බ්‍රිතාන්‍ය) භාණ්ඩ ල්ංකාවට අපනයනය කරනකොට ආ සඳහා අවශ්‍ය මැදිහත්වීම කරනවා. වෙළෙඳපොළ කොටසනම් හරියටම කියන්න අමාරුයි. Trade Finance අංශයේ අපි හරි ප්‍රසිද්ධයි හේතු කීපයක් නිසා. එකක් අපෙ සේවාවෙ ගුණාත්මක හා කාර්යක්ෂම බව, නිතර ලංකාව එක්ක ගනුදෙනු කරන නිසා ජනතාවගේ අපේක්ෂා හොඳට අඳුර ගත හැකි වීම සහ ගනුදෙනුකරුවන්ට සමීප සේවාවක් ලබා දීම. ඒ සඳහා අපේ Trade Finance අංශයේ ඉන්නවා දිගුකාලීන අත්දැකීම තියෙන පළපුරුදු සේවක මණ්ඩලයක්.

ඊට අමතරව අපිට වැඩිපුරම ආදායම් ලැබෙන මාර්ගය තමා Treasury අංශය. ඒ කියන්නෙ භාණ්ඩාගාර ගනුදෙනු. පැහැදිලිව කිව්වොත්, ලංකාවෙ බැංකු වල Personal Foreign Currency Account (PFC or NRCF previously) වල තියන මුදල් ඔවුන ආයෝජනය කරන්නෙ BOC UK වල. ඒ වගේමයි, ලංකාවෙ අනෙක් ප්‍රධාන බැංකුත් Corresponding Banking Relationships පවත්වාගෙන යන්නෙ BOC UK වල. අනෙකුත් බැංකු විසින් විදේශ විනිමය ණයකර ගන්න අවශ්‍යනම් ඒ සදහා පහසුකම් සලසනවා . ඒ වගේම ගනුදෙනුකරුවෙකුට ඕන නම් ඉදිරි විනිමය ගිවිසුම් වලට යන්න, ඒ සේවාවනුත් අපි ලබා දෙනවා. Trade Finance යටතේ ගොඩක් ගනුදෙනු කරනවා. ණයවරපත් නිකුත් කිරීම, ඒව ලැබුණු විට දැනුවත් කිරීම, ලියවිලි මත ගෙවීම් කිරීම (Documents against Payments), ලියවිලි මත ප්‍රතිග්‍රහණය කිරීම (Documents against Acceptance) ඒවායින් කීපයක්. ඒ වගේම රජයට, මහබැංකුවට ණයක් ලබාගන්න ඕන වුනාමත් අපි ඒ සේවාවත් ලබා දීලා රටටත් ලොකු සේවයක් කරනවා.

තුන් වෙනුවට අපිට වැඩි දායකත්වයක් ලබා දෙන්නෙ ණය සහ අත්තිකාරම් කියන අංශයෙන්. ඒ තුළින් අප සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරියන්ට අවශ්‍ය දිගු කාලීන සහ මැදි කාලීන ණය පහසුකම් සහ බැංකු අයිරා පහසුකම් ඇතුළු ණය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම පුද්ගලයින් සතුව ලංකාවෙ තියෙනවනම් සිදේශ විනිමය ගිණුම් ඒවා ඇපයට තියාගෙන ණය ලබා දීමත් සිදු කරනවා. ඊටත් අමතරව අපි සිල්ලර බැංකුකරණය (Retail Banking) සිදුකරනවා. ඒ කියන්නෙ කෙටි හා දිගු කාලීන තැන්පතු භාරගැනීම, ඉථාවර තැන්පතු හා ජංගම ගිණුම් පවත්වා ගැනීම. දිගු කාලීන තැන්පතු වලට අපි මෙරට වෙළෙඳපොළ අනුව ඉහළ පොළී ප්‍රතිශතයක් ලබාදෙනවා. ඒ වගේම ඒ වගේම ඉහළ පොළී අනුපාතයක් දෙන නව ස්ථාවර තැන්පතු ක්‍රමයකුත් ආරම්භ කළා. මේ අංශයේ තියෙන තවත් ප්‍රධනම දෙයක් විදිහට ලංකාවට යවන ප්‍රේෂණ (Remittance to Sri Lanka) දක්වන්න පුළුවන්. බොහෝ පාරිභෝගිකයො හිතනවා මේකට බැංකුවට එන්නම ඕන කියලා. නෑ, ඔබට ගෙදර ඉඳන්ම මේ සඳහා අවශ්‍ය අයදුම්පත් සහ අනෙක් ලියවිලි සම්පූර්ණ කර අප වෙත එවා එහි ලියාපදිංචි වී අවශ්‍ය ප්‍රේෂණ ඉතා ඉක්මණින් ලංකාවේ ඕනෑම බැංකුවක ඕනෑම ශාඛාවක් වෙත යැවීමට දැන් පහසුකම් සලසා තියෙනවා. අපි හැමදාම උදේ 9ත් 10ත් අතර අපේ අනුපාතයන් (Rates) වෙබ් අඩවියේ පළ කරනවා. ගනුදෙනුකරුවන්ට පුලුවන් ඒක බලලා තම්න්ගෙ ගනුදෙනු අප හරහා කරගන්න. ඒ වගේම යම් ලොකු වටිනාකමක ගණුදෙනුවක් නම් අපිට කතා කරලා අනුපාතය (Rate) වෙනස් කරගැනීමටත් හැකියාවක් තියෙනවා.

FOC - Festival of Cricket 2019, London

Q: දැන් අපි හිතමු අලුතින් එන කෙනෙක් වෙන්න පුලුවන්, අලුතින් ව්‍යාපාර පටන් ගන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒ අය මේ ක්‍රම ගැන, ගනුදෙනු සිද්ධවෙන විදිහ ගැන දන්නෙ නැති වෙන්න පුලුවන්. ඒකට බැංකුවෙන් සේවාවක් ලබාගන්න පුලුවන්ද?

ඔව්. අපෙ සේවාව හරිම සුහද සමීප සේවාවක්. ඒ කියන්නෙ අපිට එන කෝල් එකක් උනත් එතනින් එහාට ගිහින් වුවමනාව ගැන විස්තර කතා කරලා ඒ අවශ්‍යතාව සපුරන්න කටයුතු කරනවා. ඒ ගනුදෙනුකාර සත්කාර සේවය සීමාවක් නැති දෙයක්. දවසින් දවස දියුණු කරගන්න පුලුවන් දෙයක්. මම නිතරම මගෙ කාර්යමණ්ඩලයට කියන්නෙ අපි භාණ්ඩයක් විකුණන්නෙ නෑ, අපි දෙන්නෙ සේවාවක් ඒ නිසා හොඳ සේවාවක් ලබා දුන්නොත් තමා අපිට පවතින්න පුලුවන් වෙන්නෙ කියන එක. අපි ඒ සේවාව ඉහළම ආකාරයෙන් ලබා දෙනවා. ඒ වගේම ඒක තව දුරටත් වැඩි දියුණු කිරීමට උපරිම උත්සහයක් දරනවා.

විශේෂයෙන් කියන්න ඕන මෙහෙ තියන නීති රීති රෙගුලාසි වලට යටත්ව, ඒ රාමුව මත ඉඳන් ගනුදෙනුකරුවන්ට දෙන්න පුලුවන් උපරිම සේවාව ලබා දෙනවා. මෙතෙන්ට ඇවිත් අපෙ ඕනෑම කළමණාකරුවෙක් හම්බෙලා ඕනෑම භාෂාවකින් කතා කරලා තමන්ගෙ ගැටළුව විසඳගෙන යන්න පුලුවන්. හිතන්නකෝ කාට හරි ඕන කියලා Buy-To-Let හෝ වෙනත් ණය පහසුකමක් ලබාගැනීමට කෙනෙක් ආපුවම එයාගෙන් අපිට අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා මුලදිම කියනවා. එතකොට අපිටත් ලේසි එයාටත් ලේසිනෙ වැඩ කරගෙන යන්න.

Q: දැන් පොඩ්ඩක් කොවිඩ් ගැන කතා කළොත් ඒක මොන වගේ අභියෝගයක් උනාද? හැම තැනකටම ඒක බලපෑවා කියලා අපි දන්නවා. බැංකුවක් විදිහට කොහොමද ඒකට මුහුන දුන්නෙ?

ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. කොවිඩ් අපිට අලුත් අත්දැකීමක් වුනා, ඒ වගේම අපි වැඩ කරන විදිහ වෙනස් විදිහකින් හිතන්න අවස්ථාවක් ලබා දුන්නා. ගිය අවුරුද්දෙ මාර්තු මාසෙ වගේ ඉඳලා දැනට අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපි කොවිඩ් උපදෙස්, සීමාවන් යටතේ තමා ඉන්නෙ. මේ තාක් කිසිම දවසක අපි ලබාදෙන සාමාන්‍ය සේවයේ කිසිම අඩුවක් වුනේ නෑ. ඒක අපි විශේෂයෙන්ම කියන්න ඕන. ඒකට හේතුව තමා මේ වසංගතය ඉතාලිය වගේ රටවලින් පැතිරීගෙන එනකොට අපෙ කළමණාකරන මණ්ඩලය එකතු වෙලා මේ සඳහා මුහුණ දීමට අවශ්‍ය පියවරයන් ගත්තා.

අපි System එකක් හදාගත්තා ගෙදර ඉඳන් වැඩ කරන්න පුලුවන් වෙන විදිහට. අපි අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිලදී ගත්තා, අවශ්‍ය කරන තාක්ෂණික කටයුතු සකසා ගත්තා. රට වහපු පළවෙනි දවසෙ ඉඳන් අපි අපෙ සේවාව ගෙදර ඉඳන් දෙන්න පටන් ගත්තා. කවුරුත් දන්නෙ නෑ අපි මේ සේවාව සපයන්නෙ ගෙදර ඉඳන් කියලා. හැමෝම හිතුවෙ අපි ඔෆිස් එකෙ ඉඳන් වැඩ කරනවා කියලා. ඒත් අපිට එක ගැටළුවක් ආවා. Trade Finance වලදි අදාල ලියකියවිලි භෞතිකව භාර දෙන්න අවශ්‍ය වෙලා තිබුණා. ඒකට පහසුකම් සලසන්න අපි දින දෙකක් බැංකුව විවෘත කරලා තිනවා කියලා වෙබ් අඩවියේ දාලා, ඒ විදිහට කටයුතු කළා

ඊට අමතරව ඉතා හදිසි සේවාවක් අවශ්‍යම වුවහොත් අපිට කතා කරන්න අපේ නිළධාරියෙක් ඒ මොහොතේ බැංකුවට පැමිණ අවශ්‍ය සේවාව ලබා දෙන බව ගණුදෙනුකරුවන් දැනුවත් කර තිබුණා. ඒ ගැන අපි ඇත්තටම සතුටු වෙනවාඅ මොකද මේ වගේ ලොකු මූල්‍ය වෙළෙඳපොළක ඉන්න අපි වගේ පොඩි මූල්‍ය ආයතනයක් මේ වගේ සාර්ථකව මේක කරගෙන ගිය එක පිළිබඳව. ඒකට අපෙ කාර්ය මණ්ඩලයත් ඉතාම කැපවීමෙන් වැඩ කළා.

ඊට අමතරව මොකුත් අභියෝග ආවෙ නැද්ද අනන්‍යතාවන් තහවුරු කරගැනීමට හැඳුනුම්පත් පරීක්ෂා කිරීමට යාමේදී එහෙම?

ඇත්ත වශයෙන්ම මේ වෙලාවෙදි අපි e-Signature (විද්‍යුත් අත්සන) භාවිතා කළා. ගණුදෙනුකරුවන්ගෙ තොරතුරු පරිගණකගත කරලා තියෙන නිසා ඒවා එක්ක සංසන්දනය කරන්න පුලුවන් වුණා. තවත් ඉදිරි ආරක්ෂක පියවරක් ලෙස. එහෙම ලියවිල්ලක් ඇවිත් තිබුනොත් අපි ඒ ගණුදෙනුකරුට කතා කරලා ඒ බව තහවුරු කරගෙන තමා ඉදිරි කටයුතු වලට ගියෙ. ඒක නිසා අපිට මොකුත් ගැටළුවක් මේ වෙනකන් ඇවිත් නැහැ.

Q: එතකොට, සේවක මහත්ම මහත්මීන් කීයක් වගේ දැනට ඉන්නවද?

දැනට අපේ සේවක මණ්ඩලය 26ක් ඉන්නවා කළමණාකාරීත්වයත් ඇතුළුව.

Friendly staff at BOC UK London

Q: කොවිඩ් එක්කම සහ ඉන් අනතුරුව මේ අන්තර්ජාලය හා දුරකතනය සම්බන්ධ වී සිදු වන කටයුතු දිගටම පුළුල් විදිහට සිද්ධ වෙයි නේද ඉස්සරහට?

ඒක හරියටම හරි. මේක අපිට ඉගැන්නුවා භෞතික ගොඩනැගිල්ලකින් තොරව නිවසේ ඉඳන් වැඩ කරන්නෙ කොහොමද කියලා. මතකද මම කලින් කිව්වා . Trade Finance වලදි ලියකියවිලි භෞතිකව භාර දෙන්න අවශ්‍ය වුණා කියලා. මේ වෙනකොට ඒවා e-mail වලින් යැවීමේ පහසුකම් හදලා තියනවා. ඒක අපේ Trade Finance වලට තවත් පහසුයි. ඒ වගේම දුර පළාතක කෙනෙක්ට වුනත් අපෙ වෙබ් අඩවියට ගිහින් තමාට ගිණුමක් විවෘත කිරීමට අවශ්‍යනම්, ඒ ලියකියවිලි ටික ඩවුන්ලෝඩ් කරගෙන fill කරලා අපිට එව්වම අපි ඔහුට කතා කරලා අනෙක් අවශ්‍ය කටයුතු ටික කරලා දෙනවා.

Q: ඔබ ආයතනය හරහා ඉදිරියට ලබාදීමට බලාපොරොත්තු වන නව සේවාවන් මොනවාද?

පළවෙනියෙන්ම මම online banking කටයුතු වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා . Mobile Banking concept එක ගේන්න බලාපොරොත්තු වෙනවා. දැනට අප ආයතනයේ credit card සහ debit card පහසුකම් නෑ පුංචි බැංකුවක් විදිහට ඒක අපිට ලබා දීමේ යම් යම් අපහසුතා තියෙනවා මොකද ඒකට ලොකු ආයෝජනයක් අවශ්‍ය වෙනවා ඒ සඳහා ඇති සුදුසුකම් පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා .ඒ වගේම අපේ web base යාවත්කාලීන කර පාරිභෝගිකයන්ට පහසුවෙන් තමන්ට අවශ්‍ය කරන සේවාවන් සපයා ගැනීමට හැකි ලෙස කටයුතු සලසා දීමට බලාපොරොත්තු වෙනවා.

Meeting Sri Lankan Test Cricket Captain Dimuth Karunaratne at the Sri Lankan High Commission in London

Q: UK government එක හරහා බැංකු ක්ෂේත්‍රයට මේ corona කාලයේදි ලැබුණු සහාය කොහොමද?

රජය විසින් මෙම ක්ෂේත්‍රයට බොහෝ සහන ලබා දීමෙන් අපට සහාය වුනා. ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වූ ගනුදෙනුකරුවන්ට ඔවුන්ට අවශ්‍ය කරන සහන ලබා දීමට ඔවුන්ගෙන් උපදෙස් ලැබුනා. ඒ වගේම Online banking සිදු කරද්දී ඇති විය හැකි cyber security ගැටලු පිලිබද දැනුවත් කිරීමක් සහ ඒවායෙන් ආරක්ෂා වීමට සහයෝගය ලැබුනා

Q: බැංකු ක්ෂේත්‍රය තුළ ඔබතුමා වසර 29ක අත්දැකීම් බහුල පරිණත චරිතයක් මෙම ක්ෂේත්‍රයට පැමිණෙන නවකයින්ට ඔබතුමාට දෙන්න තියෙන්නේ මොන වගේ පණිවිඩයක්ද?

ඇත්තටම කියන්න ඕන අපි මෙහිදී වැඩ කරන්නේ ගොඩක් වෙලාවට ගනුදෙනුකරුවන් සමඟ සංවේදී සේවාවක් ලබාදෙන්නෙ. අපි ලබාදෙන සේවාවක් එම නිසාවෙන් මෙම ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී බොහෝ වෙලාවට ආයතනයේ සේවක මණ්ඩලයේ සුහදශීලි කටයුතු කිරීම වැදගත් වෙනවා. ආයතනයේ ප්‍රගමනය සඳහා එහිදී මෙහි පැමිණෙන ගනුදෙනු කරුවන්ට සහකම්පනයෙන් වැඩ කිරීමට හැකිවීම රැකියාවට එහා ගිය සේවාවක් සපයනවා යන හැඟීමෙන් යුතුව කටයුතු කිරීම ඒ වගේම අඩුවෙන් කතා කරල වැඩියෙන් සවන් දීම ගොඩක් වැදගත් වෙනවා. ඇත්තටම skills සහ attitude වර්ධනය කරගෙන ඉදිරියට ගියහොත් යාවත්කාලීන වෘත්තීකයෙක් වෙන්න පුලුවන්.

Q: ඔබතුමාගේ පවුලේ විස්තර ගැන සදහන් කලොත්?

මට දරුවන් තිදෙනෙකු ඉන්නවා ..පුතාලා දෙදෙනෙක් සහ දියනියක් ..ඔවුන් අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා.

රැකියාවේ කටයුතු වලට අමතරව කතා කලොත්

මගේ විනෝදාංශ ගැන සදහන් කලොත් travel කරන එක තමයි විනෝදාංශය. ඒ අතරිනුත් heritage sites වල තමයි මං සංචාරය කරන්න කැමති. ශ්‍රී ලංකාවේ හිටපු කාලේ මං අමතර ක්‍රියාකාරකමක් ලෙස සිදු කලේ ඉගැන්වීම් කටයුතු කරන එක. මොරටුව විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අංශයේ බාහිර කථිකාචාර්ය කෙනෙක් විදියට සේවය කලා. ඒ වගේම export development board එකේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසත් කටයුතු කලා , ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඒ වගේම ආයතනයේ BOC training center එකේ දරුවන් බොහෝ පිරිසක් පුහුණුවීම් කටයුතු කලා. ඇත්තටම ඉගැන්වීම කියන්නේ ජීවිතේ තෘප්තියක් ලබන්න පුලුවන් වටින දෙයක්.

Q: ඔබතුමා කරන්නේ වගකීම් සහිත සේවාවක් කියාවක් එහිදී අනෙක් කාරණා වලට කොහොමද කාලය සකසා ගන්නේ?

ඇත්තටම අවශ්‍යතාවය තියෙනවා නම් කාලය සපයා ගැනීම හෝ කාලය වෙන් කරවා ගැනීම කිසිසේත්ම ගැටලුවක් වෙන්නේ නෑ ඒ කියන්නේ මනුස්සයෙකුට අනිවාර්යෙන්ම කාල කළමනාකරණය අවශ්‍ය වෙනවා. මම, මගේ සේවක මණ්ඩලයට කාලය කලමණාකාරනය කරගෙන කොහොමද වෙන් කරගන්න කියලා මං කියලා දීලා තියෙනවා. ඇත්තටම කාලය හොයා ගන්නවා කියන එක ලොකු ගැටලුවක් වෙන්නේ නෑ . ඒ වගේම අවසාන වශයෙන් කියන්න ආයතනික ප්‍රධානියා ලෙස මං මේ පහුගිය අභියෝගාත්මක කාලවකවානුව තුළදී සේවක සෞඛ්‍ය ආරක්ෂාව සහ අපේ වටිනා ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව වඩාත් සිතමින් ඔවුන්ට අඛණ්ඩ සේවයක් ලබා දීමට කටයුතු කලා කටයුතු කරන්න කටයුතු කරා.

බ්‍රිතාන්‍යය වාසී අපගේ මූල්‍යමය කටයුතු අපටම හුරුපුරුදු පරිසරයක කරගැනීමට අවශ්‍ය පහසුකම සැලසීමට වත්මන් ලංකා බැංකු ලන්ඩන් උප සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි තුමා සිදු කරන මෙහෙය අති මහත්ය. මේ විසල් මෙහෙවර තවත් දීර්ඝ කලක් බ්‍රිතාන්‍ය හා ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව නොමඳව ලැබේවා යන්න සේසත අපගේ එකම පැතුමයි.

“Coffee Chat” විශේෂාංගයේ සත්වන දොඩමළුවට මෙලෙස නැවතීමේ තිත තබන්නේ, ලාංකීය අනන්‍යතාව එක්සත් රාජධානිය තුළ විදහා දක්වන්නා වූ මෙවැනි රසවතෙක්/රසවතියක් සමඟ මීළඟ විශේෂාංගයෙන් හමුවන බලාපොරොත්තුවක් ඉතිරි කරමිනි.


Sesatha Coffee Chat - Segment 6

දශක දෙකක අත්දැකීම් සමගින් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය රාජ්‍යතාන්ත්‍රිකව යා කරවන, අපේ මහ කොමසාරිස්තුමිය - HE Mrs Saroja Sirisena

qq

Sesatha Coffee Chat - Segment 5

ලාංකීය ආගන්තුක සත්කාර කලාව තුළින් බ්‍රිතාන්‍යයේ හෝටල් කේෂ්ත්‍රයේ ඉදිරියටම ගිය ඉෂාන් කරු - Ishan Karu

Sesatha Coffee Chat - Segment 4

Covid-19 සමග ගැටෙමින්, එක්සත්‍ රාජධානියේ ජීවිත සුරකින්නට වෙර දරන සොඳුරු, ලාංකීය සුව විරුවෙක්... ශල්‍ය වෛද්‍ය (Surgeon)තුසිත හෙට්ටිආරච්චි

Sesatha Coffee Chat - Segment 3

එංගලන්තයට ගීත මිහිර කැන්දන, ලාංකීය සප්ත ස්වර හසුරවන්නා... සුනෙත් චමින්ද

Sesatha Coffee Chat - Segment 2

එක්සත් රාජධානියේ ලාංකීය නම තැබූ, ඉංජිනේරු ලේඛකයා... චන්දන ගුණසේකර

Sesatha Coffee Chat - Segment 1

මංජුල ප්‍රසාද් ප්‍රනාන්දු