free counter statistics

කොළඹ පිහිටි මහල් 68 කින් සමන්විත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීම

person| 13 Mar, 2021

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර මාර්තු 12 දින විවෘත කෙරිනි .ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියක් වන නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු South City සහ Indian Ocean සමාගම විසින් සිදුකරනු ලබයි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ගංගාරාම සීමාමාලකය ඉදිරිපිට ඉදිකරන ලද සියළු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතයි. ඇල්ටෙයාර් ගොඩනැගිල්ල නමින් හැඳින්වෙන මෙම නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව දේශීය ආර්ථිකයේ සහ මානව සමාජයේ වර්ධනයක්, නැගිටීමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ. ඒ යටතේ ශ්‍රී ලංකාව නව නිර්මාණශීලී ආයෝජන රටාවකට වඩාත් විශ්වාසයකින් සහ ප්‍රමිති සහගත වටපිටාවක් සහිත ඉඩක් නිර්මාණය වී ඇති බවත් නව ආයෝජකයන්ට යොදවන ලද මුදල්වලින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබාගත හැකි බවත් ලොව පුරා සිටින ආයෝජකයන්ට සහතිකයක් මෙමඟින් ලබා දෙයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉදිකර තිබේ. ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. මෙහි ආයෝජකයා ලෙස ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සමාගම කටයුතු කරයි. බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌන සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් 2011 වසරේදී 99 අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන 2,560 කට බදු දුන් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කළ අතර 2021 වසරේදී එහි වැඩ අවසන් කෙරිණ. මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කින් සමන්විත වේ. ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සමන්විත වේ. මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විත වේ. ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍රමාණයක පවතී.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුළ වාහන 600 ක් නතර කර තැබිය හැකි වාහන රථගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 02 ක්, උත්සව ශාලා සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතයි. අක්කරයක භූමි භාගයක ඉදිකර ඇති උද්‍යානයක් මෙහි ඇති විශේෂත්වයක් ලෙස දැක්වෙයි. සින්නක්කර විකුණුම් පදනම් මත ලබා දෙන නිවාසවල මිල පිළිබඳව තවමත් අවසන් නිගමනයකට පැමිණ නැත.

Altair Building Opening Ceremony

person
person

The opening of the first phase of the Altair Multi-storey Mixed Development Project at Slave Island, Colombo, which is a new creation with a new experience in the field of construction in Sri Lanka, was held on March 12, 2021.

Dr. Nalaka Godahewa, State Minister of Urban Development, Coast Conservation, Waste Disposal and Public Sanitation, Ajith Nivard Cabraal, State Minister of Finance and Capital Markets and Public Enterprise Reforms and Indian High Commissioner to Sri Lanka Gopal Baglay, Her Worship Mrs Rosy Senanayake, Mayor of Colombo were joined.

This Altair Building has been constructed on an area of 02 acres near the Colombo Gangarama Boundary of Beira Lake which belongs to the Urban Development Authority. The investment for the Altair building is US $ 250 million. The investor is Indodis Development.One tower of Altair was made to lean on the other to maximize the infiltration of the sun and the sea and take advantage of Colombo’s wonderful maritime climate.The project for which the land was leased for Rs. 2,560 million in 2011 for 99 years with the objective of developing underdeveloped lands under the Beira Lake Development Project, started in 2012 and its work was completed in 2021.

This 69 storey development comprises 407 luxury residential units with views of the Beira Lake, the Indian Ocean and the city of Colombo. The two-leg stepping structure creates a vertical cascade of garden terraces along its height, with a communal space sky garden at its peak.

The building is consisted of two vertical tower blocks, one leaning on the other. The leaning form allows for each floor level to have an outdoor terrace facing Beira Lake. Both the leaning tower and its paired vertical tower are planned with through-unit designs allowing for open plans and natural cross-ventilation to all apartments.

person

shareShare this article