ලන්ඩන් මහමෙව්නා භාවනා අසපුවේ පොසොන්පුර පොහෝ දින වැඩසටහන
පොසොන්පුර පසලොස්වක පොහෝ දින ජුනි මස 12 වෙනිදා, ලන්ඩන් (London Mahamevnawa Meditation Centre) මහමෙව්නා භාවනා අසපුව, බැසිල්ඩන් (Basildon) සහ විඩ්නස් (Widnes-Liverpool) මහමෙව්නා භාවනා අසපුව සමඟ පවත්වන්නට යෙදුණ සීල භාවනා වැඩසටහන, (Leavesden Green Community Hub) ලීව්ස්ඩන් ග්රර්ර්න් කොමුයිනිටිහබ් ශාලාවේදී සැදැහැති උවැසි උවැසියන්ගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුණි.
එහිදී, උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීම , භාවනා වැඩීම, දහම් පාසැල් ළමුන් සඳහා සදහම් වැඩසටහන, සම්බුද්ධ පූජාව පාවැත්වීම, මිහිදු මාහිමි කෘතගුණ පූජාව, දහම් පාසැල් ළමුන්ගේ පොසොන් පෙරහැර ආදී වැඩසටහන් මගින් අපමණ පින් රැස් කලෙමු. රැස් කල සියලු පින් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා.
මහමෙව්නා භාවනා අසපු නිර්මාතෘ අතිපූජණීය අපගේ පින්වත් ලොකු ස්වාමීන්වහන්සේ ඇතුලු මහසඟරුවනට, අනගාරිකා මෑණිවරුන්ට, අනගාරික උපාසක දරුවන්ට රැස්කල පින් අනුමෝදන් වෙත්වා.
මේ පින්කම සඳහා නන් අයුරින් උදව් උපකාර කළ ශ්‍රමයෙන් ධනයෙන් බලයෙන් වචනයකින් හෝ උදව් උපකාර කළ, සහසම්බන්ධවුන, සිත පහදවාගත් ලොකු කුඩා සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා.
මේ පින්කම සඳහා දායකත්වය ලබාදුන් සියලුදෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිනිසම මේ පින හේතුවේවා!
සාදු ! සාදු ! සාදු !