free counter statistics


BOC UK

'ලක්සල' එක්සත් රාජධානියට (UK) - දෙපාර්ශවය අතර ගිවිසුම් අත්සන් තැබීම Zoom තාක්ෂණය මගින්.

person

ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩල⁣යේ (ලක්සල ) 04 වන විදේශ වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාරය "එක්සත් රාජධානියේ (UK)" විවෘත කිරීම සඳහා වන ව්‍යාපාරික ගිවිසුමට අත්සන් තැබීම (2021.10.08) දින කොළඹ 07 ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ පිහිටි "ලක්සල මියුසියම් ගැලරි කැෆේ" Laksala Museum Gallery Cafe හිදී සිදු විය. මෙම ගිවිසුමේ දෙවන පාර්ශ්වය වන " වී සි⁣ලොන් " ( පුද්ගලික ) සමාගම අදාල ගිවිසුමට අත්සන් තැබීම එක්සත් රාජධානියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු විය

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ පූර්ණ සම්බන්ධීකරණය හා දායකත්වය යටතේ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) සහ වී සිලෝන් (පුද්ගලික) සමාගම එක්ව “ලක්සල" සන්නාමය යටතේ මෙම විදේශ වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාරය එක්සත් රාජධානියේ " ලීඩ්ස් "නගරයේ විවෘත කිරීමට නියමිතය. යුරෝපයේ ලක්සල විවෘත කරන ප්‍රථම ප්‍රදර්ශනාගාරය මෙය වේ. මෙම අවස්ථාවේදී www.we-Ceylon.co.uk ( By LAKSALA ) වෙබ් අඩවියද එළි දැක්වීමද සිදු වූ අතර ඒ මගින් මේ මොහොතේ සිට එක්සත් රාජධානියේ ( UK ) සිටින ඕනෑම අයකුට "ලක්සල " භාණ්ඩ මිළදී ගැනීමට හැකිවේ.

මෙම අවස්ථාව සඳහා ගරු අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමන්ද(Zoom තාක්ෂණය ඔස්සේ), එම අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ද, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිතුමිය සහ එම කාර්යාලයේ ලක්මිණි මෙන්ඩිස් මහත්මියද Minister (Commercial) (Zoom තාක්ෂණය ඔස්සේ) ,ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය (ලක්සල) සභාපති නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි , වී සිලෝන් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී රුක්මාල් කත්‍රිආරච්චි මහතා , එම සමාගමේ අධ්‍යක්ෂක නුවන් වීරසිංහ මහතා ( Zoom තාක්ෂණය මගින් ) සහ එකී සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත චාමි කන්නංගර මෙනවිය ලක්සල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකා නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය සහ ලක්සල කළමණාකරන කමිටු සාමාජිකයන් සහ දෙපාර්ශවයේම නීතිඥවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.


shareShare this article