free counter statistics


Food & Health

.

"රස රැස මවන පුංචි සුරත... දිනෙත්” - Little Chef Dineth

person

මොහොතකට ලැබෙන අස්වැසිල්ලකට රස මුසු තැනක් සොයා යන ගමනේදී තවත් රසබර කතාවකින් මෙලෙස ගෙන එන්නෙ රසනහර පිනා යන කතාවක රසවත් තැනැත්තකු ගැනයි.

ඔහු එoගලන්තයේ Harrow ප්‍රදේශයේ පදිංචි දිනෙත් ගේබ්‍රියල් සිංහවීරගේ (Dineth Gabriel Sinhaweerage). පුංචි පුතාගේ මේ වන විට වයස අවුරුදු 03 මාස 04 ක්. ඔහු විවිධ ආහාරපාන වර්ග නිමවා රස කෙසේ දැයි විමසන්නේ හරිම අසාවෙන්. පුංචි හුරතල් සිනා පාමින් අම්මා තාත්තටද රස බලන්න ඇරයුම් කරන්න මේ පුංචි කෝකියා අමතක නොකරන්නේය. දිනෙත්ට තෙවසරක් සම්පූර්ණ වීමත් සමඟ පෙර පාසලට ඇතුළත් කෙරිණි. නමුත් මුලු ලෝකයටම අභියෝග එල්ල කරමින් පැමිණි කොරෝනා වසංගතය හේතුවෙන් මේ සිඟිත්තාට නිවසටම වී ආහාරපාන සැකසීමට කාල වේලාව හිමිකර දුනි.

පුංචි දිනෙත් එලෙස ආහාර පිසින ආකාරය වීඩියෝ ගත කර ඔහුගේ මා පියන් දෙපළ පෙර පාසලට යවන ලද අතර short bread නිපදවන වීඩියොවක් YouTube එක් කරන ලද්දේ සුවහසක් අනෙකුත් පොඩ්ඩන්ගේ විනොදාස්වාදය සඳහාය. මලිත් සිංහවීරගේ මහතාගේ සහ දිලුමා හෙට්ටිආරච්චගේ මහත්මියගේ මේ පුංචි පුතා, විවිධ වර්ගයේ ආහාරපාන නිපදවීමට දස්කම් දක්වන්නේ මුලුතැන්ගෙය පාලු මකා දමමින්ය. ඒ අතර විවිධ sweet වර්ග සකසන අතර මුලුතැන්ගෙය කටයුතු සඳහා මවටද උදව් උපකාර කරන්නේ හුරුපුරුදු කෝකියකු මෙන්ය.

මෙම කුඩා දිනෙත්ගේ විවිධ ආහාරපාන සකසන වීඩියෝ සහිත YouTube channel ගැන සඳහන් කළොත් එහි පුංචි පැටවුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද රසවිඳිය හැකි Cookery වීඩියෝ සහිතය. එමගින් ඉවුම් ඉහුම් කලාවට ඇල්මක් අැති කර අනෙකුත් පැටවුන්ට ද යමක් ඉගෙන ගනිමින් රසවිඳිය හැකිය. පුංචි Dineth විවිධ Cookery රූපවාහිනී වැඩසටහන නරඹමින් ඒවා සැකසීමට ද අපුරු උත්සාහයක යෙදෙයි.

දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගයත් සමග දිනෙත්ට අහාර වර්ග රාශියක් සෑදීමට හැකියාවක් ලැබී ඇත. Shortbread Cookies, Different types of Smoothies, Spring Green Stir-fry, Different types, Cupcakes , Chocolate chip cookies, Chicken Curry, Sri Lankan Style Pork Stew, Meringue Kisses, Kiribath, Fruit Salad and etc.

මෙම පුංචි හපනාගේ දස්කම් අගයමින් ඔහුට සහයක් දැක්වීම සදහා ඔහුගේ youtube චැනලය subscribe කොට ඔබගේ අදහස් සුභපැතුම්, comment section එක ඔස්සේ ලබා දෙන්න

පුංචි දිනෙත්ගේ YouTube channel එකට ඔබත් subscribe කරන්න .

පුංචි දිනෙත්ගේ YouTube channel එකට ඔබත් subscribe කරන්න .

shareShare this article