HOME

 
 

British Sri Lankan Muslims Celebrates 69th Independence Anniversary

Photographs by Tissa Madawela
 

Council of Sri Lankan Muslim Organisations (COSMOS-UK) , organised a special meeting and a prayer gathering in SLMCC Harrow, on Sunday 5th February from 5:30-8 pm , to mark the 69th Anniversary of Sri Lankan Independence, with a significant gathering in attendance. They organised a similar event in 2016 too. Many distinguished guests graced this occasion, including HE Amari Wijeyawardena, the  High Commissioner for Sri Lanka in UK, His Worshipful Councillor Rekha Shah, the Mayor of Harrow , Ven. Dr Handupelpola Mahinda Thero , representing the Kingsbury Sri Saddatissa International Buddhist Centre, Imam Anas Mohamed of Harrow mosque, Hon. Bob Blackman MP for Harrow East, Hon. Gareth Thomas MP for Harrow West, Dr Omer El-Hamdoon Deputy Secretary General of MCB, Dr Kamal Gammampila  and all other faith leaders. Many high officials of the SL High Commission were also present.

The proceedings commenced with the recitation from the Holy Quran by Hafiz Rizwan Mukthar. Decked with Sri Lankan flags , the venue looked glamorous for this special occasion, while the British born children without any knowledge of Sinhala language with audience rose up to sing the National  Anthem  at the start, This was the wonderful part of the event. COSMOS Chair Mr Azahim Mohamed welcomed the special invitees and all those who came to honour this event of much importance to the Sri Lankan Diaspora  belonging to all nationalities, Sinhala, Tamil and Muslims, with special  mention about  the significance of this event. He touched upon the pivotal contributions made by the early Muslim leaders who went beyond their community interests to ensure that Ceylon becomes independent before sorting out their community related issues. Junaideen Mubarak ,Chair of SLMCC too spoke at the outset explaining the role played by SLMCC to host events of this nature.

HE Amari Wijeyawardana who spoke at this event , commended the efforts made by COSMOS to commemorate this national event which relates to their motherland and also referred to the pivotal role played by the Muslim leaders of that time supporting the independence Motion, when the British insisted that three fourth of the population should be there to gain Independence. She also passed the message delivered by H E Maithripala Sirisena, President of Sri Lanka to all Sri Lankans.

Ven. Dr Handupelpola Mahinda Thera  from the Kingsbury Temple too made a short speech congratulating the organisers for arranging this colourful national event.  Also this time all four major faith leaders delivered their religious prayers at the event.

Dr Kamal Gammampila, Guest Speaker, who is a retired Bio Medical Scientist, made a special guest speech on ‘Valuable Support and Contribution given by early Sri Lankan Muslim leaders to the Independence movement and Sri Lanka Muslim contribution in general since achieving the independence’.  He recalled his family attachment to Muslim families and also touched upon contribution made by many Muslim academies, professionals and politicians.

Hon. Bob Blackman MP for Harrow East, who was involved closely with Sri Lankan communities in UK, gave an enlightening speech touching upon his experiences in Harrow in building inter communal amity. Bob Blackman, MP for Harrow East particularly said that the first duty of any government is to protect its borders and the second duty is to protect the minorities living within  them and it was heartening to see Sri Lanka developing into a nation respecting its’ international obligations in human rights. Both Harrow MPS (East and West) in attendance spoke of the need for integration in pluralistic societies like Sri Lanka and UK and spoke highly of the role played by SLMCC..

 Asheikh Anas Mohamed  of the Harrow Mosque led the audience in prayer for peace and progress of Sri Lanka, while Mr Liyas Abdul Wahid ,General Secretary of COSMOS proposed the vote of thanks . The event culminated with refreshments and  in the view of the audience , the evening was well spent and useful.
 

 
ලන්ඩන් මුස්ලිම් දරුවෝ ලක් ජාතික ගීය සිංහලෙන් අගේට ගයති.
 
පෙබරවාරි 5 වන ඉරිදා ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික ඉස්ලාම් සංස්කෘතික මධ්‍යස්තානයේදී පැවැත්වුන ශ්‍රී ලංකාවේ 69 වන නිදහස් දිනය වෙනුවෙන් පැවැත්වුන යාඥා මෙහෙය සහ සමරු උත්සවයේදී බ්‍රිතාන්‍යයේ ඉපිද හැදෙන වැඩෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දරුවන් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා ජාතික ගීය සිංහල භාෂාවෙන් ඉමහත් භක්තියකින් සහ ගෞරවාදරයකින් යුතුව නිවැරදිව ගායනා කරනු ලැබීය. මේ දරුවන් කිසිවෙකු සිංහල භාෂාව පිලිබඳ දැනුමක් හෝ කතා කරන හෝ අය නොවීම මෙහෙ ඇති විශේෂත්වයකි.
නිදහස් දින යාඥා මෙහෙය සහ සමරු උත්සවය සංවිධානය කරනු ලැබුවේ "බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ඉස්ලාමීය සංවිධාන එකමුතුව" මඟිනි.
ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙතරම් භක්තියකින් නිවැරදිව ගායනා කිරීම සඳහා ඒ දරුවන් පුහුණු කරන ලද්දේ අනුස් ඉයාස් විසිනි. සිංහල භාෂාව පිලිබඳ පරිනත බවක් දක්වන ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. සිංහල නොදන්නා මේ කුඩා දරුවන්හට ඉංග්‍රීසි අකුරෙන් ජාතික ගීතයේ වචන ලියාදී එම වචන කටපාඩම් කරගෙන ගීතයේ තනුවට අනුව නිවැරදිව ගායනා කිරීමට ඔවුන් සති එක හමාරක් වැනි කෙටි කාලයකදී සමත්වූ බව ඉයාස් පැවසුවේය. ජාතික ගීතයේ තනුව හුරු කර ගැනීම සඳහා එය කිහිප වතාවක් වාදනය කර සවන් දීමට කටයුතු යොදා ඇත. ඉතා කෙටි කාලයකින් පුහුණුවීම් ස්වල්ප ගණනකින් ගීතය නිවැරදිව ගායනා කිරීමට එම දරුවන් සියලු දෙනාම සමත්වූ බවද ඔහු කියයි.
තම දෙමා පියන්ගේ මව් බිම වූ ශ්‍රී ලංකාවේ ජාතික ගීය ඉගෙන ගැනීමට අවස්තාවක් ලැබීම පිළිබඳව එම දුවා දරුවන් දක්වන්නේ ඉමහත් සතුටකි. මෙම සුන්දර අත්දැකීමෙන් පසුව ලංකාව පිළිබඳව තවදුරටත් තොරතුරු දැන ගැනීමට තමන් තුල දැඩි උනන්දුවක් ඇතිවූ බවද ඔවුන් පවසති.
උත්සවයට සහභාගීවූ සියලුදෙනාම ඒ දරුවන්ගේ හපන්කම ගැන ඉමහත් සතුටකින් කතා කරනු දක්නට ලැබුණි.
නිදහස් දින සමරු උත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන, ශ්‍රී ලංකා ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවා ඇති හැරෝ ප්‍රාන්තයේ නගරාධිපති රේඛා ශා, ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පුජ්‍ය ආචාර්ය හාඳුපැල්පොල මහින්ද හිමි, හැරෝ මහමදික දේවස්ථානයේ පුජක අනාස් මොහමඩ්, හැරෝ නැගෙනහිර මැතිවරණ කොට්ඨාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බ්ලොබ් බ්ලැක්මන්, හැරෝ බටහිර මැතිවරණ කොට්ඨාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙරාත් තෝමස්, වෛද්‍ය එල්-හම්ඩුන් සහ වෛද්‍ය කමල් ගම්මන්පිල ඇතුළු සිංහල,දෙමල සහ ඉස්ලාමීය ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගී වුහ.
උත්සවය ආරම්භ කෙරුනේ හෆිස් රිස්වාන් මුක්තාර් විසින් ශුද්ධවූ කොරානයෙන් උපුටාගත් පාඨයක් සජ්ජායනය කිරීමෙනි.
ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කෙරුනේ ඉන් අනතුරුවය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ඉස්ලාමීය සංවිධාන එකමුතුවේ සභාපති අසාහිම් මොහමඩ් පැමිණ සිටි සියල්ල පිළිගනිමින් කෙටි කතාවක් පැවැත්වුවේය. නිදහස් අරගලයෙදීත් ඉන් අනතුරුවත් ශ්‍රී ලංකාවේ උන්නතිය උදෙසා කැපවීමකින් කටයුතු කල ඉස්ලාම් භක්තික ජන නායකයින්, කළා කරුවන්, ව්‍යාපාරකයින් සහ උගතුන් විසින් ඉටුකළ අනුපමේය සේවාව පිළිබඳව ඔහු මෙහිදී සිහිපත් කළේය.
ලන්ඩන් නුවර ශ්‍රී ලාංකික ඉස්ලාම් සංස්කෘතික මධ්‍යස්තාන ප්‍රධානී ජුනෛදීන් මුබාරක්, ශ්‍රී ලංකා මහකොමසාරිස් අමාරි විජේවර්ධන ඇතුළු බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරමින් උත්සවයට සහභාගීවූ ආරාධිත අමුත්තන් සියලුදෙනාත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනාත් හැරෝ නගරාධිපතිනියත් මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමේ අගය පහදා දෙමින් විශේෂ දේශනා පවත්වනු ලැබීය.
උත්සවයේ මුලදේශනය පවත්වන ලද්දේ වෛද්‍ය කමල් ගම්මන්පිල විසිනි.
හැරෝ මහමදික දේවස්ථානයේ අනාස් මොහමඩ් අවසන් යාඥාව සිදුකල පසු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ඉස්ලාමීය සංවිධාන එකමුතුවේ ලේකම් ලියාස් අබ්දුල් වහීඩ් විසින් ස්තුති කතාව පැවැත්වීය.
උත්සවය අවසානයෙදේ වැඩමකළ මහා සංඝරත්නය වෙත ගිලන්පස පුජාකෙරුණි. අනෙකුත් සියලුදෙනා වෙත කිරිබත් ඇතුළු ශ්‍රී ලාංකික ආහාර පාන සහිත තේපැන් සංග්‍රහයක්ද සංවිධානය කර තිබුණි.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK