HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share
 
ලන්ඩන් නුවර ප්ලස්ටෝව් හි පිහිටි ශ්‍රී සම්භෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කටින මහෝත්සවය
Press Release - Pictures by Saman C Sooriyabandara
 
ලන්ඩන් නුවර ප්ලස්ටෝව් හි පිහිටි ශ්‍රී සම්භෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කටින මහෝත්සවය පසුගිය දින 200 කට වැඩි පින්වතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.

රාමඥ නිකායේ මහා නායක අතිගරු නාපානේ පේමසිරි හිමියන්ගේ මුලිකත්වයෙන් පවත්වන ලද පින්කම් මාලාවට ශ්‍රී ලංකාවෙන් තවත් කීර්තිමත් නායක හිමි පානන් 5 නමක් වැඩම කරන ලදී.අස්ගිරි හා මල්වතු පාර්ශවයේ අනුනායක හිමි දේපලද විද්‍යෝදය පිරිවෙනේ නායක හිමි පානන්  සහ අප විහාරස්ථානයේ සහ කොළොඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරයේත් බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති තැන්පත් අතිගරු දරණාගම කුසලධම්ම නායක හිමිපාණන් ද මෙම අවස්ථාවට වැඩම කරන ලදී.

ලන්ඩන් නුවර කින්ග්ස්බරි විහාරයේ නායක හිමියන් වන ගලයායේ පියදස්සි හිමි,සිංහල ශබ්ද කෝශයේ හිටපු කතෘ වන අකුරටියේ නන්ද නායක හිමි ,නේපාලයේ සුමන හිමි ,තාය් විහාරස්ථානය නියෝජනය කරමින් ප්‍රං නිකොම් හිමිද මෙම පින්කමට සහබාගි විය. ශ්‍රී ලංකා  රාජ්‍ය් නියෝජනය කරමින්  මහා කොමසාරිස් තුමිය වන ගරු  අමරි විජේවර්දන මැතිනිය සහබගිවන ලදී .  සියලු පින්කම් කටයුතු අදීක්ෂණය කරනු ලැබුයේ ශ්‍රී සම්බෝධි විහාරවාසී මඩුගල්ලේ මහානාම හියන් සහ නාවෙලගම අමිතදස්සි හිමියන් විසිනි.

ඉතා දර්ශනීය කටින  පෙරහැර කාගේත් පැසසුමට ලක්වන ලදී.
සටහන- සුජිත් දිසානායක  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK