HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share

 
JVP Central Committee Member and Convener of Voice Against Corruption Wasantha Samarasinghe in The UK
Pictures by Bandula Manage (Wembly Event)
 
සමාජ පරිවර්ථනයක කොටස් කරුවකු වන්න!

වසන්ත සමරසිංහ සහෝදරයා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
 
'සැබෑ සමාජ පරිවර්ථනයක අවශ්‍යතාවයක් තිබෙනවා, ඒ සදහා දැනටමත් අප ලංකාවේ වෙසෙන උගතුන් , බුද්ධිමතුන් , සමාජ ක්‍රියාකාරිකයන් ,ගොවියන් ,කම්කරුවන් ,ශිෂ්‍යන් සංවිධානය කරනවා, එසේම ලංකාවෙන් පිටත එක්සත් රාජධානියේ ජීවත් වන මව් බිමට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා සැබෑ සමාජ පරිවර්ථනයක් සදහා වූ වැඩපිළිවෙලකට සහභාගී වන ලෙසත් එහි කොටස් කරුවකු වන ලෙසත්',
පස් දින සංචාරයක් සදහා එක්සත් රාජධානියට පැමිණි වසන්ත සමරසිංහ සහෝදරයා එක්සත් රාජධානියේ විවිධ ප්‍රදේශ වල සිටින ශ්‍රී ලාංකිකයන් මුණ ගැසීමටත් , ලංකාව මුහුණ දී ඇති බැරෑරුම් තත්වය ගැබුරු ලෙස ඔවුන් සමග සාකච්චා කිරීමටත් අවස්ථාව යොදා ගත්තේ එක්සත් රාජධානියේ ජනතා විමුක්ති පෙරමුණේ කමිටුව මගිනි . ප්‍රධාන සම්මන්ත්රණ තුනක් සහ ගෘහස්ත හමුවීම් කිහිපයක්ම සංවිධනය කර තිබූ අතර ලංකාව ගැන ආදරයක් ඇති ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඉතා උනන්දුවෙන් මෙම සම්මන්ත්‍රණ සහ සාකච්චා වලට සහභාගී වූහ . පැමිණ සිටි බොහෝ පිරිස් තමන් ප්‍රධාන පක්ෂ දෙක ගැනම කලකිරී ඇති බවත් ඉදිරියෙදී ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙලක් සමග කටයුතු කිරීමේ ඇති කැමැත්තත් ප්‍රකාශ කර සිටියහ.
මෙම හමුවීම් අමතා කතා කරමින් වසන්ත සමරසිංහ සහෝදරයා පැහැදිලිකර සිටියේ අපේ රට අවුරුදු 68 තිස්සේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් මාරුවෙන් මාරුවට පාලනය කර තිබෙනවා ,එසේම අද මේ ප්‍රධාන පක්ෂ දෙක හවුලේ රට පාලනය කරනවා, පසු ගිය කාල පරිච්චේදය පුරාවටම ඔවුන් ඔප්පු කර සිටියේ මේ අවාසනාවන්ත තත්වයෙන් රට ගලවා ගැනීමට වැඩපිළිවෙලක් ඔවුන් සතුව නොමැති බවයි.

එක්සත් රාජධානියේ වෙසෙන ඔබ එක්සත් රාජධානියේ සංවර්ධනය සියසින් දැක තිබෙනවා . අධ්‍යාපන, සෞඛ්‍ය , මාර්ග පරිසර නිවාස සහ විනය වැනි දේ ගැන ඔවුන් අනුගමනය කරන වැඩපිළිවෙල ඔබ අත් දැක තිබෙනවා. මෙයටත් වඩා හොද සංවර්ධනයක් විනයක් සහිත රටක් බවට ලංකාව පත් කිරීම අසීරු වැඩක් නොවෙයි .ඒ සදහා අපට අවශ්‍ය තරම් සම්පත් තිබෙනවා විශේෂයෙන්ම අපට උසස් මානව සම්පතක් තිබෙනවා, ඒ සදහා අවශ්‍ය වන්නේ ඉලක්ක සහගත වැඩපිළිවෙලක්, අවංක දේශපාලන නායකත්වයක්, විනයක් සහිත දේශපාලන ව්‍යාපාරයක් . අපි මේ රට වල් වලින් ගත හැකි හොද දේ ලබා හනිමු. වැරදි දේ බැහැර කරමු. ලෝකයේ නව දැනුම අපේ රටට ගැලපෙන සේ ආදේශ කරමු.
2020 දී එළබෙන මහමැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ගොවියන් , කම්කරුවන් , උගතුන් බුද්ධිමතුන් , කලාකරුවන්, විවිධ ක්ෂේස්ත්‍ර වල නිපුනතා සහ දක්ෂතා ඇති සමාජ ක්‍රියාකාරිකයන් වෘත්තීය වේදීන් ගෙන් සැදුම්ලත් පෙරමුණක් ගොඩ නැගීමට අවශ්‍ය කටයුතු දැනටමත් සුදානම් කර තිබෙනවා, අපේ රටේ සෞඛ්‍ය , අධාපන නිවාස පරිසර වැනි ප්‍රශ්නවලට විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා එම ක්ෂේත්‍ර වල නිපුණතා ඇති පිරිස් සමග දැනටමත් සාකච්චා ආරම්භ තිබෙනවා.
අපේ රට මෙතෙක් ගමන් ගත මග නිවැරැදි එකක් නොවෙයි. දැන්වත් අපේ මව්බිම නිවැරදි ගමන් මාවතකට යොමුකිරීමේ වගකීම අප වෙත පැවරී තිබෙනවා. එහිදී විදේශ වල ජීවත් වන ඔබට පැවරෙන්නේ විශේෂ කාර්යභාරයක්. මේ වනවිට ශ්‍රී ලංකිකයන් ලක්ෂ 24 ක් ජීවත්වන්නේ ලංකාවෙන් පිට. ඔවුන් අවුරුද්දකට ඩොලර් මිලියන 7 කට වැඩි ප්‍රමාණයක් ලංකාවට එවනවා. එක තමයි අද ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය වෙලා තියෙන්නේ , මට මේ සංචාරයේදී විවිධ පිරිස් හමු උනා. ලංකාවේ විශ්ව විද්යාල වලින් උපාධී ලැබු විද්‍යා ඉංජිනේරු වෛද්‍ය වනිජවේදී උපාධි ධාරීන් මේ රටවල් වල සුපර්මාකට් වල බදු පුරවන්නන් කැෂියර් වරුන් හැටියට වැඩ කරනවා, ටැක්සි රියදුරන් ලෙස වැඩ කරනවා ආපනශාලා වල සේවකයන් ලෙස වැඩ කරනවා. මේ තත්වය කණගාටුදායකයි. අපි මේ තත්වය වෙනස් කල යතු නැද්ද?
ඔබගේ දැනුමට සරිලන රැකියාවක්, තෘප්තිමත් ජිවිතයක් ගතකලහැකි පරිසරයක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගිය යුතුයි. බුද්ධිමතුන් රට හැර යාම අපරාධයක්, අපේ අම්මලා ගෘහසේවිකාවන් ලෙස රට පටවන එක නතර කල යුතුයි. ඒ සදහා නිපුනතා සහිත වෘත්තීය වේදීන් බිහිකරන වැඩපිළිවෙලක් රට තුල ක්‍රියාත්මක කලයුතුයි.
එවැනි රටක් ගොඩනැගිය හැකිවන්නේ විධිමත් වැඩපිළිවෙලක් සහිත විනය ගරුක දේශපාලන ව්‍යාපාරයක් ජයග්‍රහණය කරවීමෙන් පමණමයි.
අපට ඔබේ දැනුම හැකියාව දක්ෂතාවය අවශ්‍යයි. මේ සමාජය නිවැරදි දිසාවකට පරිවර්තනය නොකළහොත් කිසිදිනෙක අපේ රට මෙම අදුරු අගාදයෙන් ගොඩ ගැනීමට හැකිවන්නේ නැහැ. ඔබ මේ රටේ විවිධ ආර්ථික දුෂ්කරතා මැද ජිවත් වන ගමන් ලංකාවේ පවුල් දෙක තුනක් පෝෂණය කරන බව මා දන්නවා, ගන් වතුර නියග නායයාම් වැනි ස්වභාවික විපත් වලදී ඔබ ඔබ මව් බිම වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටුකරන බව මා දන්නවා. ඒවා හොද දේවල්, මම ඒවා අගය කරනවා. එහෙත් ලංකාවේ ජනගහනයෙන් 40% ක දිනක වැටුප $2.00 වඩා අඩුයි ඔවුන් ජිවත් වන්නේ අන්ත දුලිදු අසරණ තත්වයක, සමාජ අසාධාරණය, නීතියේ කඩාවැටීම, මන්ද පෝෂණය, විරැකියාව, පරිසර විනාසය, විනයක් නොමැති කම වැනි කරුණු වෙනස් කිරීම සදහා ඔබ විදේශ වල සිට දුක් මහන්සි වී එවන මුදල හෝ සහයෝගය ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
මේ ප්‍රශ්න විසදන්න බැරි ඒවා නොවෙයි. එහෙත් ඒ සදහා ස්ථිර සාර වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. එවැනි වැඩ පිළිවෙලක් මෙතෙක් නොතිබූ බව ඔබ දන්නවා. අප එවන් වැඩ පිළිවෙලක් සහිත පෙරමුණක් ගොඩනගනවා. ඡන්ද දායකයෙකු, සහයෝගය දක්වන්නෙකු පමණක් නොවී සබැ සමාජ පරිවර්ථනයක් ජයග්ග්රණය කරවීමේ කොටස් කරුවකු වනලෙස මම ඔබ ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම සම්මන්ත්රණ අමතා ජවිපෙ එක්සත් රාජධානියේ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි, රන්ජිත් විජේසිරිවර්ධන, අජන්ත කහන්ගහ ආරච්චි, ඇතුළු කීප දෙනෙක් අදහස් ප්‍රකාශ කළහ. (චයාරූප , බන්දුල මානගේ, සුජිත් ගුණවර්ධන, නිශාන්ත තේනුවර ,උපුල් ඒකනාය
 
 
 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

 

 

 
 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

SESATHA - The Sri Lankan Event Portal in UK