HOME

 Share on Facebook or Email to friends  

Bookmark and Share

 
Leeds Kadamandiya 2016 - එංගලන්තයේ ලීඩ්ස් අපේ අය මවපු අපේම කඩමන්ඩිය
Pictures by Saman Sooriyabandara
 
නෝනාවරුනි, මහත්වරුනි මේ කදුරුවෙල හන්දිය නොවේ, එංගලන්තයේ ලීඩ්ස් අපේ අය මවපු අපේම කඩමන්ඩියක්. උපන් බිමෙන් සැතපුම් දහස් ගණනාවක් ඈත එන්ගලන්තයේ ජිවත් වෙන ලංකික සම්භවයක් ඇති සියලුදෙනාවම එක්ව හිතන්නට පුලුවන් තේමාවක් මත ලීඩ්ස් කඩමණ්ඩිය සාජ්ජය පසුගියදා මෙලෙස කරලියට පිවිසුණා.

ජනමාධ්‍යවේදියෙකු ලෙස කාලයක් ගුවන්විදුලියේ සහ රුපවහිණියට සම්භන්දව කටුයතු කල සමන් මිල්රෝයි ප්‍රමුඛ ලීඩ්ස් ප්‍රදේශයේ ජීවත්වෙන ශ්‍රී ලාංකික තරුණ පිරිස් විසින් මේ අගනා කලා කටයුත්ත ඉතා උසස් ලෙස සංවිධානය කොට තිබුණා.

ලංකාවේ පිටිසර ගමක පැරණි කඩමන්ඩියක් ඉතා අලංකාර ලෙස ඉදිකොට, අපේ පැරණි ගීත සමුච්චියක් ලීඩ්ස් අවට ඉන්න ගායනට දක්‍ෂ කිහිපදෙනෙක් එදා ලස්සනට ගායනා කලා.

ගායකයින් තිස්පස්දෙනෙකුගේ කටහඩවල්වලින් ගීත ගායනා කලහැකි අතීදක්‍ෂ ගායක නිලන්තසිරි පතිරණගේ ගී හඩින් එදා කඩමණ්ඩිය ගීතවත්වුණා.
ලාංකිකයින් එකමුතු කිරීම තම මුලික අරමුණක් කරගත්තු, අපේ ගීත වලට , අපේ කමට මුල්තැනක් දෙන උතුරු එංගලන්තයේ එකම ශ්‍රී ලාංකීය සංගීත කණ්ඩායම RHYTHM (LK ) BROTHERS ලා එදා ගමේ සාජ්ජෙට පැරණි ගී ගොන්නක් ගායනා කලා. සමන් මිල්රෝයි, ශිරන් වඩුගේ , රවින්ද්‍ර කුමාර් සහ ශිවන්ක සෙනරත් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ලෙස ඉතා උසස් සංගීත වැඩසටහනක් ඉදිරිපත්කලා .

පළපුරුදු නිවේදක සමන් මිල්රෝයි ගැමි භාෂාවෙන් වැඩසටහන ඉදිරිපත් කිරීම සාජ්ජෙට අලංකාරයක් එක් කලා.

ජාත්ත්‍යන්තර තලයේ අත්දැකීම් බහුල සුපවේදී රාජා මහත්තයා ගමේ විදිහට සුදානම් කල ගමේ වියංජන කෙසෙල් කොලයට බෙදලා රසවිදපු හැමෝම කිව්වේ මෙහෙම රසට ගමෙදිවත් කෑම රස විදලා නෑ කියලයි.

ලංකාවේදී අපි ලබපු සොදුරු අත්දැකීම් නැවත අත්විදින්න අවස්ථාවක් උදාකරපු සංවිධායක මංගල්‍යට හැමෝගේම සතුට පලකෙරුණා. සංවිධායක මඩුල්ල , සමන් මිල්රෝයි, රවින්ද්‍ර කුමාර, ශාලින්ද්‍ර පණ්ඩිතරත්න, අමල් සිල්වා, කාංචන දොන් සහ චානක මුදලි.

ලංකාවේදී ලැබුණු රසවත් මතකය මේ විදිහට අලුත්කරගන්න ලැබීම හැමෝගේම ප්‍රසංසාවට ලක්වුණා. ශ්‍රී ලාංකික පසුබිමකින් එන හැමෝටම සාමයෙන් සමගියෙන් එංගලන්තේ ජීවත් වෙන්න මෙවැනි කාලාත්මක කටයුතු උදවු වෙනවා නොඅනුමානයි.

 

 

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

SESATHA - The Sri Lankan Event Portal in UK