ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - එක්සත් රාජධානියේ ලංඩන් බලමණ්ඩලය.

Press Release

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව ගමනක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලංඩන් බලමණ්ඩලය 2019 පෙබරවාරි මස 10 වන ඉරු දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතැති විද්වතුන්ගේ ආශීර්වාදයෙන් හා මාර්ගෝපදේශන යටතේ ලංඩන් ලිහිනියා අවන්හලෙදි ලංඩන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලමණ්ඩලය පිහිටවන ලදි.මෙය මහා බ්‍රිතාන්‍ය තුල අප ලබු සුවිශේෂී අවස්ථාවක් වේ.

සුවිශේෂි කරුනක් ලෙස සිංහල දමිල සියලුම දෙනාම ඒකමතිකව හිටපු ජනාධිපතිතුමාගෙ මූලිකත්වයෙන් රටම ඉල්ලන ජනාධිපති වෙනුවෙන් තම මව්බිම ආරක්ෂාකර ගැනීමේ කර්තව්‍යය සඳහා ඉස්තීරසාර වැඩපිළිවෙලක් හා ඵලදායී කතිකාවතක් වෙනුවෙන් තම මවුබිමේ අනන්‍යතාවය රැකගැනීම උදෙසා ශ්‍රී ලාංකිකයන් ලෙස තම වගකීම් නොපිරිහෙලා ඉටුකරන බවට ප්‍රතිඥා දෙනලදි .

විශේෂයෙන් කාර්ය බහුල දිනයක් වන ඉරිදා දින තුල මහත් කැපකිරීමක් කරමින් ශ්‍රී ලාංකික හැඟීමෙන්ම මවුබිම වෙනුවෙන් පැමිණ මෙමෙ රැස්වීම සාර්ථක කර ගැනීමට හැකිවිම සුවිශේෂි ජයග්‍රහනයකි.මේමොහොත වන විට පොදුජන පෙරමුණට හිතැති බ්‍රිතාන්‍ය පුරා විසිරි සිටින අති විශාල පිරිසක් අපහා එක්විමට කැමැත්ත පලකර ඇත එ අනුව ඉදිරියේදී සෑම ප්‍රධාන නගරයක්ම මුල් කරගෙන ඒක ශාඛාවක් බැවින් පිහිටුවීමට දැනටමත් සියලු කටයුතු සූදානම් කර ඇත.මෙය අපේ ආරම්භයයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලංඩන් බලමණ්ඩලයට ආරම්භයේදී පැමිණ සිටි සියලු දෙනාගේ ආශිර්වාදයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය මුලසුන ගනිමින් සංවිධානයේ ප්‍රථම සභාපති අනුර මැදගෙදර මහතා අදහස් දක්වමින් කියාසිටියේ අද දිනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඓතිහාසික දිනයක් බවත්,අප පක්‍ෂය පිහිටුවා ඉතා සුලු කාලයකින් පළමු පාළාත් පාලන මැතිවරණයේදීම සියලු පක්‍ෂ අභිබවා ජන්ද පනස් ලක්‍ෂ අසුදහසක් අභිබවා පලාත් පාලන ආයතන 239 යක බලය තහවරු කරගැනීමට හැකිවුයේ අප නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අභීත නායකත්වය සහ පොදුජන පෙරමුන පිහිටුවා පක්‍ෂය ගොඩනැගීමට කැපවුනු ප්‍රථාපවත් සංවිධානයක් ලබාදුන් පක්‍ෂයේ ජාතික සංවිධායක හිටපු ආර්ථික සංවර්ධන කටයුතු පිලිබඳ ගරු අමාත්‍යා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උත්සාහය සහ ශ්‍රී ලාංකා පොදුජන පෙරමුණ හා එක්වූ සියලු පක්‍ෂ එකතුවෙන් බව අවධාරණය කළේය.තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ එදා නුගේගොඩින් ඇරඹි මහින්ද සුලඟ දිනෙෂ් ගුනවර්ධණ ,වාසුදේව නානායක්කාර ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් ඇරඹූ මහින්ද සුලඟ සමස්ත භූමිය පුරා විසුරු දේශපාලන ගමන්මගේ ප්‍රතිඵලය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පොදුජන පෙරමුණ නිර්මාණය වීමයි .

එහිදී ලේකම් වන ඉන්ද්‍රජිත් ගමගේ මහතා සභාව අමතා පොදුජන පෙරමුන ලංඩන් බලමණ්ඩලයේ අරමුණු සහ එහි කාර්යභාර්ය සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් කරන ලදී.සියලු දේනාගේ කැමැත්තෙන් කිසිදු භාදාවකින් තොරව නිලධාරීන් මණ්ඩලය තෝරා පත් කරගන්නා ලද අතර සංවිදායක ලෙස කටයුතු කරන ශ්‍රී ලාල් සොයිසා මහතා විසින් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සදහා විශාල වැඩ සටහන් කිරීම සඳහා තම තමන්ගේ වගකිම හඳුනාගෙන පොදු අරමුණක් වෙනුවෙන් ඔබගේ සහයෝගය අපේක්ෂා කරන බව දන්වා සිටියේය.

ඉන් අනතුරුව සභාව ඇමතු සභාවේ අනෙකුත් කථිකයන් වන, දමිල ඉ රෝස් සංවිධානයේ නායක, නේසන් තීරු නේසන්,ජාතික නිදහස් පෙරමුනේ ලංඩන් සභාපති වජිර කමල් සමරක්කොඩි,ආචාර්ය ඩිල්ෂාන් ජයකොඩි,නීතිඥ තුසිත විතානගේ,සැම් ශ්‍රීලේන්ද්‍ර සහ ඩිලුක්ෂි මාරසිංහ යන මහත්ම මහත්මියන් සභාව අමතා හරවත් දේශන පවත්වුවාය .

සියලුම කථිකා තුල ගම්යවුයේ ලංකාව ඉතාමත් බැරැරුම් අවස්ථාවක පවතින අතර අන්තර්ජාතික බලපෑම් මෙන්ම රාජ්ය නොවන සංවිධාන දේශිය දේශපාලනය හසුරවන බලවෙගයන් බවට පත්ව ඇති බවයි.එබැවින් මාතෘ භූමියේ ඉදිරි අනාගතය වෙනුවෙන්,රටම ඉල්ලන පොදු අපේක්ෂක 2020 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරලිම උදෙසා උපරිම කැපවීම සහා ශක්තිය දහිරිය යොදවිමට සියලු දේනා එක්ව සාමූහිකව කටයුතු කරලීමට කැපවිය යුතුබවයි.

අනුශාසකවරුන් ලෙස නීතිඥ තුසිත විතානගේ, ආචාර්ය ඩිල්ෂාන් ජයකොඩි,හිටපු පලාත් සභා මන්ත්‍රී මොහොමඩ් ආයුක්කාන්,හිටපු පලාත් සභා මන්ත්‍රී ශ්‍රී රාධකිශ්නා,කප්පිත්තාන් චානක දිසානායක

ප්‍රධාන සංවිධායක ලෙස ශ්‍රී ලාල් සොයිසා , සභාපති අනුර මැදගෙදර, උප සභාපති අනිල් මුදලිගේ , උප සභාපති සැම් ශ්‍රීලේන්ද්‍ර , උප සභාපතිලොයිඩ් ගුණසේකර , උප සභාපති රුපස් පෙරේරා , ලේකම් ඉන්ද්‍රජිත් ගමගේ , උප ලේකම් ප්‍රදිප් ඩි සිල්වා, උප ලේකම් අරුන ජයකොඩි , උප ලේකම් හරින්ද්‍ර සුබසිංහ , උප ලේකම් චන්දී ගමගේ , උප ලේකම් සුජිත් ගමගේ

තරුණ කටයුතු සභාපති යස ඉසුරු පෙරේරා , මාධ්‍යය ලේකම් ඉන්දික සුමේද වීරසිංහ , උප මාධ්‍යය ලේකම් රුවන් පෙරේරා , භාණ්ඩාගාරික ඩිලුක්ෂි මාරසිංහ , උප භාණ්ඩාගාරික ප්‍රසාද් රූපසිංහ

විධායක සභාව ලෙස, සසේල බුමිරියගේ, ගාමිනී කරුණාතිලක , .සුසන් ඩිවල , චමිල් පෙරේරා , පියන්ත ගමගේ , තිලක් මෙන්ඩිස් , නලිකා සිල්වා, සදුශි සෙනවිරත්න ,උදය කුමාර ,රොබට් සෙනිවිරත්න , එ එම් රසිකා , ඉශාන්ති කරුණාතිලක ,මාලනි පෙරේරා ,නසීරා සිත්තී , කෙවින් රිසී, ලලිත් අමරසිංහ , ධම්මික පෙරේරා ,කුන්තලා අමරසිංහ ,රොස් මැදගෙදර