70th Sri Lankan Independence Day celebration in London

Press Release

70 වන ජාතික නිදහස් සැමරුම ලන්ඩනයේ හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරය හය වැනි වතාවට ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පෙබරවාරි තු වෙනි සෙනසුරාදා Lampton පාසලේ දී පැවැත්විණ . ශ්‍රී ලංකා මහ කොමසාරිස් තුමියගේ සහභාගීත්වයෙන් Hounslow උප නගරාධිපති තුමාගේත් සම්භාවනීය අමුත්තන්ගේ ත් ශ්‍රී ලාංකීය ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.නිදහසට අරුතක් season six සිංහ වැඩසටහන කුඩා දුවා දරුවන්ගේ නැටුම් ගැයුම් වලින් අලංකාර විය. විහාරාධිපති අති පූජ්‍ය එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක වඳුරඹ කස්සප නායක ස්වාමීන් වහන්සේ ගේ ප්‍රධාන අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේත් දහම් පාසලේ පූර්ණ අනුග්‍රහයෙන් මේ උත්සව ය සංවිධානය විය.