ලන්ඩන් නුවර ප්ලාස්ටොව් හි ශ්‍රි සම්භොධි බෞද්ධ භාවනා මධයස්තානයේ වාර්ශික කටින පූජෝත්සවය

සටහන සුජිත් දිසානායක

​ලන්ඩන් නුවර ප්ලාස්ටොව් හි ශ්‍රි සම්භොධි බෞද්ධ භාවනා මධයස්තානයේ වාර්ශික කටින පූජෝත්සවය ඉතාමත් උත්කර්ශවත් අන්දමින් පසුගිය දින පවත්වන ලදි.මෙම කටින පින්කම සඳහා ශ්‍රි ලන්කාවේ සිට අස්ගිරිය මහා නායක හිමි වන වරකාගොඩ ගුණරතන හිමි සහ සහ රමන්ඥ නිකායේ මහා නායක හිමි වන නාපානේ පේමසිරි ස්වාමින්වහන්සේද ,බුත්තල බුදු ගල්ලෙන විහාරස්ථානයේ නායක හිමි වන උඩුවර ධම්මරක්කිත හිමි ඇතුළු ස්වාමින්වහන්සේ ලා සමග ලන්ඩන් බෞද්ධ විහාරයෙන්ද රෙඩ් බ්‍රිජ් විහාරස්තානයෙන්ද, ලෙච්වර්ත් විහාරස්තානයෙන්ද ලන්ඩන් කින්ග්ස්බරි විහාරස්තානයෙන්ද සහ වොට්ෆොර්ඩ් තායි විහාරයේ නායක හිමිවරුන් ඇතුලු ස්වාමින්වහන්සේලා වැඩම කරන ලදි.

මෙම පිංකම සදහා එන්ගලන්තයේ ශ්‍රි ලන්කා මහ කොමසාරිස් තුමිය වන අමරි විජේවර්දන මැතිනියද සහභාගි විය. කටින පෙරහැර ඩේකර් පාරෙන් පටන් ගෙන අප්ටන් පාර්ක් සහ ප්ලාස්ටොව් වල වීදි සන්චාරය කිරීම අවට පදින්චි ජනතාවට විශේෂ අවස්තාවක් විය. මෙවර පින්කමේ ප්‍රදාන දායකත්වය අජිත් අමරසින්හ සහ එම මැතිනිය දර්ශිකා අමරසින්හ සහ දරු දෙදෙනා විසින් දරන ලදී. කුසල ධම්ම නායක හිමියන් ඇමෙරිකාවේ හූස්ටන් නුවර සිට ස්කයිප් තාක්ශනය ඔස්සේ රැස්ව සිටි පිරිස අමතීම සියල්ලන්ගේම සතුටට හේතු විය. බදුල්ල මුතියන්ගනය රජමහා විහාරයේ භාරකාරත්‍වය දරන පූජ්‍ය මුරුන්දෙනියේ දම්ම රතන හිමි පානන් සින්හල බසින් අනුශාසනව කරනලද අතර ලන්ඩන් කින්ග්ස්බරි විහාරයෙන් වැඩම කරන ලද නේපාලයේ සුමන ස්වාමින්වහන්සේ ඉන්ග්‍රීසි බසින් අනුශාසනව කරන ලදි.

මෙම පින්කමේ සියලුම දේ සොයා බලා දායක දායිකාවන්ට අවශ්‍ය සියලුම උපකාර කරන ලද්දේ විහාරවාසි මඩුගල්ලෙ මහනාම හිමි සහ නාවෙලගම අමිතදස්සන ස්වාමින්වහන්සේ ලා විසිනි. මෙම පින්කමට 400ක පමන පිරිසක් සහභාගී වන ලදි.