එක්සත් රාජධානියේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජාතික රණවිරු සැමරුම

එක්සත් රාජධානියේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජාතික රණවිරු සැමරුමට සමගාමීව සංවිධානය කල බෝධි පුජාවේ හා පිංකමේ කැමරා ඇසට හසුවූ අවස්ථා කිහිපයක්........

මැයි මස 21 වන දින හිත්රෝ අතුල දස්සන විහාරස්ථානයේදී එහි විහාරාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මේ බෝධි පුජාවට සහ පිංකමට හිටපු හා දැනටත් සිටින හමුදා සාමාජිකයින් , රණවිරු පවුල් වල සාමාජිකයින් , එක්සත් රාජධානියේ විවිධ සංවිධාන, දේශ පාලන පක්ෂ ශාකා වල නියෝජිතයන් , ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ පාසල් වල ආදී ශිෂ්‍ය සංගම් වල බ්‍රිතාන්‍ය ශාකා නියෝජිතයන් , ෆෙල්තම් කොන්සර්වේටිව් නියෝජිතයන් හා විශේෂයෙන් ජාති හිතයිශී ශ්‍රී ලාංකික විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී .

ජාති කුල ආගම් පක්ෂ බේදයකින් තොරව පොදුවේ ලෝකය පුරාම විසිරී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් සදහා එකට එක්වී වැඩ කල හැකි සංවිධානයක් වශයෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පිහිටුවා තිබෙන අතර , ලෝකය පුරාම පැතිර ඇති ශාඛා ජාලයට අලුතෙන්ම එක්වුයේ බ්‍රිතාන්‍ය ශාඛාවයි . "බෙදුම්වාදයෙන් තොර වූ ඒකීය ශ්‍රී ලංකාවක්" යන දැක්ම පෙරදැරි කරගෙන පිහිටුවා ඇති මෙම සංවිධානය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී වෙමින් රටේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කරයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකික අනන්‍යතාවය සිංහල භාෂාවත් , බෞද්ධ සදාචාරයත් මගින් නියෝජනය වන බවත්, එම අනන්‍යතාවය සුරැකිය යුතු බවත් පිළිගන්න අතර මෙය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලුම ශ්‍රී ලාංකිකන්ගේ උරුමය ලෙස සලකන අතර ශ්‍රී ලංකාව තුල කිසිදු ආකාරයක ජාතිය, හෝ ආගම මත වෙන් කිරීම් කිරීම වලට මෙම සංවිධානය විරුද්ධ වේ.

ශ්‍රී ලංකාව තුල සහ අන්තර් ජාතික වශයෙන් ඒකීය ලංකාවක් සඳහා ප්‍රචාරණ , දැණුවත් කිරීම් සහ දේශපාලන සහාය ලබා ගැනීමටඅවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සහ අනුග්‍රහය දැක්වීම,ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට අහිතකර ව්‍යවස්ථාවන් ලංකාවේ ආණ්ඩුක්‍රමයෙන් අයින් කිරීමටත්, ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සහ රටේ එකමුතු බලය වැඩි කිරීමටත් සුදුසු ව්‍යවස්ථාවන් අලුතෙන් හඳුන්වාදීමටත් අවශ්‍ය කරණ සහාය සහ ප්‍රචාරණය ලබා දීමත් , බෙදුම්වාදය සහ බෙදුම්වාදීන්ගේ ක්‍රියාවන්ට අනුබල දෙන ව්‍යාපාර වලට පි විරුද්ධ වීමත් මෙම සංවිධානයේ අරමුණු අතර වේ.