ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි විහාරයේ වෙසක් මංගල්‍යය 2017

  • සටහන සහ පින්තුර : සුජිත් දිසානායක සහ ජනක කළුපහන

මහා බ්‍රිතාන්‍යයට සහ මුළු මහත් යුරෝපයටම මහත් ආලෝකයක් වෙමින් දිනෙන් දින බැබලෙන ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ අප මහා ගෞතම බුදු පියාණන්ගේ තෙමගුල සිහිකරමින් මෙවරත් වෙසක් උත්සවය අති උත්කර්ශවත් අයුරින් මැයි මස 10 වන දින සිට පුරා සතියක් මුළුල්ලේ විහාර පරිශ්‍රයේදී පවත් වන ලදී .

බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති මෙන්ම කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරයේ සහ ලන්ඩන් නුවර ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ නායක මා හිමිපාණන් වන දරණාගම කුසල ධම්ම හිමියන්ගේ අධීක්ෂණයෙන් සහ අනුශාසකත්වයෙන්ද ලන්ඩන් විහාරවාසී මඩුගල්ලේ මහානාම හිමියන්ගේත්, නාවෙලගම අමිතදස්සන ස්වමින්වනහ්සේගේ මුලිකත්වයෙන්ද ,හෝකන්දර පඥාවම්ස ස්වාමින්වහන්සේ සහ තායි ජාතික ප්‍රා නිකොම් හිමියන්ගේ සහභාගිත්වයෙන් සහ විහාරයේ දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩ සටහන් මාලාව සාර්ථක ලෙස පවත් වන ලදී .

මෙම උත්සව මාලාවට සීල ව්‍යාපාරය, සර්වඥ ධාතු ප්‍රදර්ශනය, දහම් පාසල් දරු දැරියන් විසින් සිදු කල මල් සල්පිල , අෂ්ට පාන සහ ගිලන් පස පුජාව , බැති ගී සංදර්ශනය, වෙසක් පහන් කුඩු ප්‍රදර්ශනය , විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ වෙසක් තොරණ, පහන් පුජාව සහ අවසානයේ බැති මතුන් වෙනුවෙන් වූ මහා බත් දන්සලක්ද පවත් වමින් මෙම උත්සව මාලාව ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් විය.

මනා වර්ණයෙන් සහ සුවදින් පිරි මල් වලින් අලංකාර වූ බුදු මැදුරත් බෝධි කුටියත් පැමිණ සිටි සැමගේම සිත් සතන් පහන් කර වූ අනගි දසුනක් විය.